නල්ලතන්නිය - නුවරඑළිය මාර්ගයේ දරුණු අනතුරක් රියදුරට නින්ද ගිහින්
නල්ලතන්නිය සිට නුවරඑළිය දක්වා ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි 15ක පමණ ප්‍රපතයක් සහිත මාර්ගයකට පෙරළීමෙන් එහි ගමන් ගත් කාන්තාවක් සහ පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා ඇත.
ඒ අනුව ඔවුන්ව අද (13) දික්ඔය මූලික රෝහල වෙත ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබේ.
මෙම අනතුර අද පස්වරු 4.30ට පමණ හැටන් – මස්කෙළිය ශ්‍රී පාද මාර්ගයේ නෝර්වුඩ් ගෝත්‍රී ප්‍රදේශයේදී සිදුවී ඇති බවයි වාර්තා වේ.
ශ්‍රී පාද වන්දනාවේ පැමිණ ආපසු නුවරඑළිය දක්වා ගමන් කරමින් සිටියදී රියදුරුට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය පාලනයෙන් මිදී මාර්ගයෙන් ඉවතට පැන ගෝත්‍රී වතුයායට පිවිසෙන මාර්ගයකට පෙරළී මෙම අනතුර සිදුවී ඇති බව අනාවරණය වේ.
අනතුර සිදුවන අවස්ථාවේ මෝටර් රථය තුළ සිව්දෙනෙකු ගමන් කර තිබූ අතර, ඉන් තිදෙනෙකුට පමණක් තුවාල සිදුවී ඇති බවත් සඳහන්. සිද්ධිය සම්බන්ධයෙන් නෝර්වුඩ් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.