සරසවි සිසුවෙක් දුම්රියේ ගැටී අවාසනාවන්ත ලෙස මියයයි...

Report

නාවලපිටිය බලා ධාවනය වූ දුම්රියක ගැටී සරසවි සිසුවෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙන අවාසනාවන්ත පුවතක් වාර්තා වනවා.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ ඉගෙනුම ලබන සිසුවෙක් මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.

මෙම අනතුරින් ජීවිතක්ෂයට පත් වූයේ වාද්දූව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 24ක තරුණයෙක්.

මෙම අවාසනාවන්ත සිදුවීම පිළිබඳව පේරාදෙණිය පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.