ජනප්‍රිය නිළියක ගමන් ගත් මෝටර් රථයේ ගැටී කම්කරුවෙක් මිය යයි.. රූගත කිරීම්වලට ගොස් ආපසු එනකොට වෙලා තියෙන්නෙ.. (PHOTOS)

Report

මේ කියන්න යන්නේ ලංකාවේ සිදුවුණ රිය අනතුරක් ගැන නම් නෙමෙයි.

ජනප්‍රිය ඉන්දීය නිළියක් වන උර්මිලා කෝතාරේ ගමන් ගත් මෝටර් රථයේ ගැටී කම්කරුවෙක් මියගොස් තිබෙනවා.

වෙලා තියෙන්නෙ මොකක් ද?. මාලිමාවේ මන්ත්‍රීවරියක් වහා CID යයි..(PHOTOS)

වෙලා තියෙන්නෙ මොකක් ද?. මාලිමාවේ මන්ත්‍රීවරියක් වහා CID යයි..(PHOTOS)

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

සජිත් ප්‍රේමදාස දේශපාලනයෙන් සමු ගනී?. මොන්ටිසෝරි සහතිකෙත් පෙන්නලා..

මෙම අනතුරෙන් තවත් කම්කරුවෙක් බරපතළ තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ඒ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ ය.

මෙම අනතුර මුම්බායි නුවර කන්ඩිව්ලි ප්‍රදේශයේ දී ඊයේ (27) සිදුව ඇත.

උර්මිලා කෝතාරේගේ රථය පැදවූ රියදුරාට රථය පාලනය කරගත නොහැකිව මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වේ.

රූගත කිරීම්වලට ගොස් ආපසු එමින් සිටිය දී නිළිය ගමන් ගත් මෝටර් රථය මෙලෙස අනතුරට ලක්ව ඇත.

මෙට්‍රෝ ව්‍යාපෘතියක සේවය කරන කම්කරුවන් දෙදෙනෙකු මෙලෙස රථයේ ගැටී තිබෙනවා.

අනතුරින් පසු එක් කම්කරුවෙන් එම ස්ථානයේදීම මියගොස් ඇති අතර අනෙක් කම්කරුවා බරපතළ තත්ත්වයෙන් රෝහල්ගත කර ඇත.

මෙහිදී රියදුරු ද බරපතල තුවාල ලබා ඇති අතර, උර්මිලා කෝතාරේ ද සුළු තුවාල ලබා තිබෙනවා.

අනතුර සිදුව අවස්ථාවේ දී මෝටර් රථය අධික වේගයෙන් ධාවනය කර ඇත.

කෙසේ වෙතත්, නියම වේලාවට එයාර් බෑගය විවෘත වීම හේතුවෙන් නිළියගේ ජීවිතයට හානියක් සිදුව නොමැත.

You May Like This Video👇 

.

GalleryGalleryGallery