අසිරිමත් නත්තලට තව දින කිහිපයක් තිබියදී නත්තල් වෙළෙඳපොළක සිදුවූ ඛේදනීය සිදුවීම..(VIDEO)

By Piyumika Dec 21, 2024 02:50 AM GMT
Report

නැගෙනහිර ජර්මනියේ මැග්ඩෙබර්ග් නගරයේ නත්තල් වෙළෙඳපොළකට මෝටර් රථයක් ධාවන කිරීමෙන් සිදුවූ අනතුරකින් කුඩා ළමයෙකු ඇතුළු පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

විදෙස් වාර්තා සඳහන් කළේ අනතුරින් තවත් 60කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි.

සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

ඊයේ (21) පස්වරුවේ පුද්ගලයෙකු මෝටර් රථයක් වෙළෙඳපොළ තුළට ධාවන කර මෙම අනතුර සිදුකර ඇති බව සඳහන්ය.

අනතුර සිදුකළ රියඳුරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු 50 හැවිරිදි සෞදි අරාබියානු ජාතිකයෙකු බවට අනාවරණය කරගෙන ඇත.

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS)

පණ දෙවෙනි කොට පිහිටක් සොයා ආ මියන්මාර් සරණාගතයින්ගේ කතාව..(PHOTOS)

සැකකරු අදාළ මෝටර් රථය කුලියට ගෙන හිතාමතා මෙම අනතුර සිදුකර ඇති අතර, එය ත්‍රස්තවාදී ක්‍රියාවක් බව එරට පොලීසිය පවසයි.  


You may like this video