සල්ලි හොදට හම්බ කරන් එන්නේ ඩුබායි රටේ ඉදල කිව්වට ආපු ගමන්ම ඇතුලට ...බලන්නකෝ කරලා තියන දේ..

Report

රුපියල් කෝටි පහක් පමණ වටිනා ජංගම දුරකථන ඇතුළු විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් සමග ඒවා නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගීන් තිදෙනකු ඊයේ (20) දින කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

ඩබල් වූ පඩිය ගැන CEYPETCO සභාපතිගෙන් නිවේදනයක් ..

ඩබල් වූ පඩිය ගැන CEYPETCO සභාපතිගෙන් නිවේදනයක් ..

මොවුන් අතරින් පළමු ගුවන් මගීන් දෙදෙනා ඊයේ දින අලුයම 12.30 ට ඩුබායි සිට එෆ්.ඉසෙඩ්.- 569 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි. ඔවුන් දෙදෙනා කොළඹ ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි සහ 25 හැවිරිදි ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.

එසේම තවත් කොළඹ ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි ව්‍යාපාරිකයෙකු 12/20 දින උදෑසන 09.45 ට ඩුබායි සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවමක්..සමාව දෙනවනම් දෙන්නේ වසර 30කට පසුවයි..

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකිකයෙක් ට වසර 37ක සිරදඬුවමක්..සමාව දෙනවනම් දෙන්නේ වසර 30කට පසුවයි..

ඔවුන් විසින් රැගෙන ආ ජංගම දුරකථන 309 ක් , ටැබ් පරිගණක 08 ක් , ජංගම දුරකථන උපාංග , ලැප්ටොප් 12 ක් , මැක් බුක් 02 ක් , අයි පෑඩ් 04 ක් , ස්මාර්ට් වර්ගයේ ඔරලෝසු 20 ක් , රවුටර් 05 ක් , ඉයර් බඩ්ස් 30 ක් රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් තිදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටිති.

You may like this video