නීත්‍යානුකූල අයිතියක් නැති දේ කරන්න සුදානම් වෙන්න එපා..

Sri Lanka Department of Prisons Sri Lanka Prison
By Piyumika Jun 20, 2024 04:52 AM GMT
Piyumika

Piyumika

Report

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරත වන නිලධාරීන්ට එරෙහිව දැඩි විනය පියවර ගන්නා බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා ඇත .

කාශප පුතු ඉල්ලු ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්..(PHOTOS)

කාශප පුතු ඉල්ලු ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්..(PHOTOS)

එහි මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් ගාමිණි බී දිසානායක සඳහන් කළේ, බන්ධනාගාර නිලධාරීන්ට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගවල නිරතවීමට කිසිදු නීත්‍යානුකූල අයිතියක් නොමැති බවයි.

එවැනි ක්‍රියාමාර්ග ගන්නා නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි නීත්‍යානුකූල පියවර ගන්නා බව ද ඔහු සඳහන් කළේය.

මේ අතර පසුගියදා වෘත්තීය ක්‍රියාමාර්ගවල නිරතව සිටි බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී අදහස් පළ කළේ මෙසේය.

සේවක හිඟය නිසා නීතියේ රැහැනින් බේරී සිටින වංචාකරුවන්..

සේවක හිඟය නිසා නීතියේ රැහැනින් බේරී සිටින වංචාකරුවන්..

"ඉතා සුළු නිලධාරීන් පිරිසක් අනෙක් අයව බියවද්දා ගෙන ඇති බව අපිට වාර්තා වුණා. කොළඹ මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් කළා විනයානුකූලව කටයුතු කරන්න කියලා. ජ්‍යේෂ්ඨ නිලධාරියෙක් යොදවලා ඒ ගැන විනයානුකූලව කටයුතු කරනවා. ඉදිරියේ දී අධිකරණයට මේ ගැන වාර්තා කරන්න බලාපොරොත්තු වෙනවා."