කාශප පුතු ඉල්ලු ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්..(PHOTOS)

Sri Lanka Police Sri Lanka
By Piyumika Jun 20, 2024 03:22 AM GMT
Piyumika

Piyumika

Report

ධාතුසේන මහ රජතුමා ඉදි කරන බව කියන කලා වැවේ ප්‍රධාන වානේ ගලක තැන්පත් කොට තිබුණු නිදන් වස්තු කිසියම් පිරිසක් යන්ත්‍ර සුත්‍ර උපයෝගී කරගෙන ගල විද කඩා දමා රැගෙන ගොස් ඇතැයි මහවැලි අධිකාරිය ඉපලෝගම පොලිසියට පැමිණිලි කර ඇත.

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..

මත්පැන් පාවිච්චි කළ 16 ක් මරුට..70කට අධික පිරිසක් රෝහල්ගත කෙරේ..ඉහළ යා හැකි මරණ ගණන ගැන අනතුරු ඇඟවීමක්..

කලා වැවේ ඉපැරණි වාන ආසන්නයේම අධි ආරක්‍ෂිත කලාපයේ මෙය සිදුව තිබේ.

මෙම සිද්දිය මහවැලියේ ඇතැම් නිලධාරීන් පිරිසක් සැඟවීමට දැඩි උත්සාහයක නිරතව සිටින බැවින් ප්‍රදේශවාසීන් මේ පිළිබඳව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතාට දැනුවත් කොට ඇති බවයි වාර්තා වනුයේ .

රටේ නයකත්වය තීරණය කරන්න අලුතින් ලක්ෂ 2ක්..

රටේ නයකත්වය තීරණය කරන්න අලුතින් ලක්ෂ 2ක්..

බෝවතැන්න ජලාශ බාර ප්‍රධාන ඉංජිනේරු බුද්ධික මහේෂ් නවරත්නගෙන් විමසීමේදී කියා සිටියේ තමන්ට ද 19 දින උදෑසන මෙම සිද්ධිය පිළිබඳව දැන ගැනීමට හැකි වූ බවත් මෙම ක්‍රියාවලිය නිසා වැවේ වානට ද දැඩි බලපෑම් එල්ලවන නිසා වහාම නිලධාරීන් යොදවා පොලිසියට පැමිණිලි කරන ලෙස තමන් උපදෙස් දුන් බවත්ය.

කලා වැව සහ බළලු වැව දෙකම එකම විශාල වාණකින් ජලය පිටවන අතර අක්කර අඩි ලක්ෂයකට අධික ජලධාරිතාවයක් රඳවා ගබඩාකොට ඇති වානට පහළින් පිහිටි කළු ගල යන්ත්‍ර සූත්‍ර යොදා ගෙන ගල විද හාරා එහි තැන්පත් කොට තිබුණු නිදන් වස්තූන් රැගෙන ගොස් ඇතැයි ස්ථාන පරික්ෂා කරන ලද මහවැලි නිලධාරීන් මෙන්ම එම ස්ථානයට නිරීක්‍ෂණය සඳහා ගිය සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න පැවසීය.

අද සිට කාලගුණයේ සිදුවන විශේෂ වෙනස ගැන දැනුම්දීමක්..

අද සිට කාලගුණයේ සිදුවන විශේෂ වෙනස ගැන දැනුම්දීමක්..

මෙහි ආරක්ෂිතය කලාපයේ බෝට්ටු සවාරි සඳහා පෞද්ගලික අයකුට අවසර ලබාදී තිබෙන බවත් එම අවසරය ලබාගත් පුද්ගලයන් අධි ආරක්ෂිත ප්‍රදේශවල සංචාරකයන් රැගෙන ගොස් තාවකාලිකව කූඩාරම් තනා එම ස්ථානවල නැවතී රැය පහන් කිරීම ආදී කටයුතුවල නිරත වන බවත් බෝට්ටු සවාරි අනුමත කරගෙන ආරම්භ කරන්නට වූයේ මෙම නිදහන් වස්තු සොරා ගැනීමට බව සමස්ත ලංකා ගොවි ජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න චෝදනා එල්ල කරයි.

කාශප පුතු ඉල්ලු ධාතුසේන රජුගේ වස්තුව හොරාගෙන ගිහින්..(PHOTOS) | Complaints About Treasure Theft