බලන්නකෝ පොලිස් ලොක්කෝන්ගේ වැඩ කිඩ ගැන කියල ලියුමක්ම යවලා ..දැන් නම් ලේසි වෙන්නේ නෑ..

Sri Lanka Police Election Commission of Sri Lanka Inspector General of Police Sri Lanka Presidential Election 2024
By Piyumika Sep 28, 2024 02:38 AM GMT
Piyumika

Piyumika

Report

පසුගිය ජනාධිපතිවරණයේදී මැතිවරණ නීති කඩ කිරීම වැඩි වශයෙන්ම සිදුව ඇත්තේ තමා පදිංචි ප්‍රදේශවලම උසස් තනතුරු දරන පොලිස් ප්‍රධානීන්ගේ වගකීම් විරහිත ක්‍රියා කලාප හේතුවෙන් බව සඳහන් කරමින් පොලිස් මූලස්ථානය ජාතික පොලිස් කොමිෂන් සභාවට හා මැතිවරණ කොමිෂන් සභාවට ලිපි යොමුකර තිබේ.

මහ මැතිවරණයේදී කරන්න යන දේ ගැන විග්නේෂ්වරන් කියයි ..

මහ මැතිවරණයේදී කරන්න යන දේ ගැන විග්නේෂ්වරන් කියයි ..

දේශපාලන සහායෙන් තනතුරුවලට පත්ව ඇති මෙම නිලධාරීන් දේශපාලන බලයට බියෙන් මැතිවරණ නීති කඩ කිරීමේ සිද්ධි රැසක් යට ගසා ඇතැයි එම ලිපි මගින් අවධාරණය කර තිබෙන බවද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ හේතුවෙන් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය පිළිබඳ සැලකිල්ලට ගෙන පදිංචි ප්‍රදේශවලම රාජකාරි කරන නියෝජ්‍ය පොලිස්පතිවරුන්, කොට්ඨාස භාර නිලධාරීන් මෙන්ම පොලිස් ස්ථානාධිපතිවරුන්ද මාරුකර යවන ලෙස මැතිවරණ දිසාව භාර පොලිස් කොට්ඨාසයද ඉල්ලීම්කර ඇත.

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..

අසැබි චිත්‍රපට නිළියක් මුළු පවුල එක්ක එකතුවෙලා කරලා තියන වැඩේ..

පසුගිය ජනාධිපතිවරණය සාමකාමී අන්දමින් පැවැතියද දේශපාලකයන් විසින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිදුවීම් වැඩි වශයෙන් සිදුව ඇත්තේ බදුල්ල දිස්ත්‍රික්කයේ බවත් හිටපු ඇමැති චාමර සම්පත් දසනායක හා ඌව පළාත් ආණ්ඩුකාර අනුර විදානගමගේ බදුල්ල හා මහියංගණය පොලිසිවලට කඩා වැදී සිදුකළ කලබලයන් ඊට නිදසුන් බවත් මැතිවරණ කටයුතු භාර පොලිස් ප්‍රධානීහු අවධාරණය කරති.

කෙසේ වෙතත් අදාළ නිලධාරීන් මාරුකර යැවීම මැතිවරණ කාලයේදී සිදු නොකළ යුත්තක් බැවින් ඒ වෙනුවෙන් ගත හැකි ක්‍රියාමාර්ග ගන්නා ලෙස පොලිස් මූලස්ථානය ජාතික පොලිස් කොමිෂන් සභාවට සහ මැතිවරණ කොමිෂන් සභාවට දැනුම් දී තිබේ. ​

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මේ දවස් වල කතා වෙන මොකක්ද මේ බ්‍රාහ්මණ නෙලුම ..

මේ අතර ජනාධිපතිවරණයේදී දේශපාලකයන් විසින් කළ මැතිවරණ නීති කඩකිරීම් බදුල්ල දිස්ත්‍රික් මැතිවරණ නිලධාරීන් විසින් යට ගැසීමට උපදෙස් දී ඇතැයිද පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%