අනතුරක් නිසා කිලිනොච්චියේ ප්‍රදේශ කිහිපයක විදුලිය විසන්ධිවේ..
By Piyumika
කිළිනොච්චිය කනකපුරම් ප්‍රදේශයේ ඊයේ (23) කැබ් රථයක් විදුලි කණුවක ගැටී අනතුරකට ලක් වී තිබේ .
එම අනතුරින් එම දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට විදුලිය ද විසන්ධි වී ඇති බවයි වාර්තා වනුයේ.
පොලිසිය පවසන්නේ අනතුරින් කැබ් රථය පදවා ගිය පුද්ගලයාට බරපතළ තුවාල සිදු වී කිළිනොච්චිය රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබන බවයි.
මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කිළිනොච්චිය පොලිසිය සිදුකරනු ලැබේ.