AI තාක්ෂණය ඔස්සේ වසර 19කට පස්සේ මංගල ඡායාරූපයෙන් ඝාතකයන් කොටු කල මෙහෙයුම..

By Piyumika Jan 09, 2025 07:47 AM GMT
Report

වසර 19කට පෙර කාන්තාවක් සහ ඇයගේ දින 17ක් වයසැති නිවුන් දරුවන් ඝාතනය කිරීමේ ඝාතන නඩුව විසඳීම සඳහා ඉන්දියාවේ කේරළ පොලිසිය විසින් කෘතිම බුද්ධිය (AI තාක්ෂණය) භාවිත කර තිබෙනවා.

වාර්තාවලට අනුව, 2006 දී මෙම කාන්තාව සහ ඇයගේ නිවුන් දරුවන් ඝාතනය කරන ලද අතර, පොලිසිය හැකි විගසින් ක්‍රියාත්මක වී ප්‍රධාන සැකකරුවන් දෙදෙනෙකුවන හිටපු හමුදා නිලධාරීන් වූ දිවිල් කුමාර් සහ රාජේෂ් යන අය හඳුනාගෙන ගෙන තිබුණා.

කෙසේ වෙතත්, පසුව මෙම සැකකරුවන් අතුරුදහන් වී ඇති අතර, ඔවුන් සොයා ගැනීමට ගත් සියලු උත්සාහයන් අසාර්ථක වී තිබෙනවා.

චීන වෛරසය සම්බන්ද සුදානම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්..(VIDEO)

චීන වෛරසය සම්බන්ද සුදානම පිළිබද සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්සගෙන් පැහැදිලි කිරීමක්..(VIDEO)

කෙසේවෙතත් වසර 19 කට පසු ඉන්දියාවේ මධ්‍යම විමර්ශන කාර්යාංශය විසින් සැකකරුවන් දෙදෙනා පුදුචේරිහිදී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්ඩංගුවට ගන්නා අවස්ථාවේදී සැකකරුවන් දෙදෙනා විෂ්ණු සහ ප්‍රවීන් කුමාර ලෙස ව්‍යාජ නම්වලින් පෙනීසිට ඇති අතර, ගෘහ අලංකරණ ව්‍යාපාරයක් පවත්වාගෙන යමින් ජීවත් වී ඇතැයි වාර්තා වේ.

එමෙන්ම සැකකරුවන් දෙදෙනා පුදුචේරි හි පාසල් ගුරුව‍රියන් දෙදෙනෙකු සමග විවාහ වී ඇතැයි ද පොලිසිය පවසයි.

කේරළ අතිරේක පොලිස් අධිකාරී මනෝජ් ඒබ්‍රහම් මාධ්‍යයට පවසා ඇත්තේ, විමර්ශන කණ්ඩායම දිවිල් කුමාර් සහ රාජේෂ්ගේ පැරණි ඡායාරූප හඳුනා ගැනීමට කෘතිම බුද්ධි තාක්‍ෂණය භාවිත කළ බවයි.

අමු මිරිස් ගිය උඩක් කිව්වලු..

අමු මිරිස් ගිය උඩක් කිව්වලු..

ඔවුන් වසර 19 කට පසු කෙබඳුවනු ඇත්ද යන්න පිළිබඳ විමසීමේ දී සමාජ මාධ්‍ය හරහා මුහුණු හඳුනාගැනීමේ මෙවලම් ක්‍රියාත්මක කිරීමෙන් පසු, මංගල ඡායාරූප සහිත ෆේස්බුක් ගිණුමක් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට 90%ක් ගැළපී තිබෙනවා.

එම සමාජ මාධ්‍ය ගිණුම මේ වනවිට ප්‍රවීන් කුමාර් ලෙස ජීවත් වන රාජේෂ්ගේ ගිණුම බවටයි හඳුනාගෙන ඇත්තේ.

පසුව ඔහුගේ සම්බන්ධතා පිළිබඳ විමර්ශනයකින් අනතුරුව විෂ්ණු යන නව නාමය යටතේ ජීවත් වූ දිවිල් ද සොයා ගෙන තිබෙනවා.

ඒ අනුවයි මොවුන් දෙදෙනා පසුව අත්අඩංගුවට ගෙන ඇත්තේ

AI තාක්ෂණය ඔස්සේ වසර 19කට පස්සේ මංගල ඡායාරූපයෙන් ඝාතකයන් කොටු කල මෙහෙයුම.. | Murder Case

AI තාක්ෂණය ඔස්සේ වසර 19කට පස්සේ මංගල ඡායාරූපයෙන් ඝාතකයන් කොටු කල මෙහෙයුම.. | Murder Case