ආවා කල්ලියේ ප්‍රධානියා ඇතුළු සෙට් එකම අත්අඩංගුවට
ආවා කල්ලියේ ප්‍රධානියා ලෙස සැලකෙන විනෝද් ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (11) දින මෙම සැකකරුවන් චුන්නාගම් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ආවා කල්ලියේ විනෝද් නැමැත්තා අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 400ක් භාරයට ගෙන ඇත.
ඔහුගේ සගයා අත්අඩංගුවට ගන්නා අවස්ථායේදී අත්බෝම්බයක් සහ කඩුවක් පොලිස් භාරයට ගෙන තිබේ.
චුන්නාගම් පොලීසිය විසින් සිදු කරන ලද වැටලීමකදී මෙම සැකකරුවන් දෙදෙනා ස්ථාන දෙකකදී අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලීසිය පියවර ගනිමින් සිටී.