ලංකාවටත් බෝම්බ තර්ජනක්? ඉන්දියා පකිස්තාන් බෝම්බ පිපිරීම අපිටත් බලපායිද

Report

මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් ඉන්දියාවේදී සහ පාකිස්ථානයේදී සිදුවූ පිපීරීම්වලින් ලංකාවට කිසිදු අවදානමක් නොමැති බව පවසා ඇත.

ඔහු පවසන්නේ මෙරට බුද්ධි අංශ සක්‍රීයව පැවතීම හේතුවෙන් මෙරට ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නොමැති බවය.

"දැනට එහෙම තර්ජනයක් ගැන තොරතුරක් අනාවරණය වෙන්නේ නෑ. ලංකාවේ බුද්ධි අංශය සක්‍රීයව පවතිනවා. අපේ ආරක්ෂක අංශය විශේෂයෙන් ත්‍රිවිධ හමුදාව හා පොලීසිය ජාතික ආරක්ෂාව ගැන සුවිශේෂි අවධානයකින් පසුවෙනවා. ඒ නිසා ජාතික ආරක්ෂාව ගැන ප්‍රශ්නයක් නෑ."

නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් විදේශ ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සම්බන්ධයෙන් ද අදහස් පල කළේය.

එහිදී මාධ්‍යවේදියා විසින් ඇසූ පාතාල පිරිසක් ලංකාවට එන්න කැමැත්තෙන් ඉන්නවා කියලා කිව්වා නේද? ප්‍රශ්ණයට "නෑ එහෙම කිව්වේ නෑ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරන සමහර පිරිස් එහෙන් ඉවත් වෙන්න කැමතියි කියලා ප්‍රකාශ කරලා තියෙනවා කියලා තමා කිව්වේ. ජාවාරම්වල ඉන්න අය එයින් ඉවත් වෙන්න උත්සාහ කරනවා නම් ඒක යහපත් තත්ත්වයක්." යැයි පිළිතුරු ලබා දුන්නේය.

දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

දැන් හරිනේ - භයානක බෝම්බ ප්‍රහාරයට දෙදෙනෙක් අත්අඩංගුවට

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට

පාකිස්තානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 12ක් මරුට