දුම්රියක් තුළ තියුණු ආයුධ ප්‍රහාරයක් - තිදෙනෙක් තුවාල ලබයි. (විදෙස්)
Japan
Crime
By krishani
ජපානයේ දුම්රියක් තුළ දී තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.
මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ, දුම්රිය කාර්යය මණ්ඩල සාමාජිකයෙකු සහ මගීන් දෙදෙනෙකු ය.
පහරදීමට අදාළව 37 හැවිරිදි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කෙසේ වෙතත්, පහරදීමට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැත.
