සිරිමාවෝට හා චන්ද්‍රිකාට ලිමිනි සමාන කරයි - පොහොට්ටුවේ අලුත් මෙහෙයුමක්
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ලිමිනි රාජපක්ෂ මහත්මිය ඉදිරියට ගෙන ඒම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ විවිධ ප්‍රචාරක කණ්ඩායම් විසින් විශේෂ ප්‍රචාරක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරමින් සිටින බව වාර්තා වේ.
ඇය 'කාන්තා සිංහයා' ලෙස හඳුන්වා දෙමින් සිදුකරන මෙම ප්‍රචාරක කටයුතු හේතුවෙන් පක්ෂය අභ්‍යන්තරයේ විවිධ මත ගැටුම් සහ නොසන්සුන්තා මතුවෙමින් පවතින බව ද වාර්තා වී තිබේ.
මෙම තත්ත්වයත් සමඟ රාජපක්ෂ පවුලේ ලේ ඥාතීන් අතර පැවති දේශපාලන බලය වෙනස් වීමේ ප්‍රවණතාවක් මතුව ඇති බවට ද දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.
ඒ අනුව, චමල් රාජපක්ෂ මහතාගේ පුතුන් දෙදෙනා, මහින්ද රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා, ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පුතුන් තිදෙනා සහ බැසිල් රාජපක්ෂ මහතාගේ දියණියන් තිදෙනා ඇතුළු දෙවැනි පරම්පරාවේ දේශපාලන උරුමක්කාරයන් නවදෙනෙකු සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමුව තිබේ.
එවැනි පසුබිමක ඔවුන් පසෙකට කරමින් ලිමිනි රාජපක්ෂ මහත්මිය දේශපාලනික වශයෙන් ඉදිරියට ගෙන ඒමට උත්සාහයක් පවතින බවට ද වාර්තා පළ වේ.
මේ අතර, ලිමිනි රාජපක්ෂ මහත්මිය සම්බන්ධ ප්‍රචාරක කටයුතු දිනෙන් දින අලුත් වෙමින් පවතින බව සඳහන් වේ.
පක්ෂයේ නිල සමාජ මාධ්‍ය පිටුවල ද ඇය සිරිමාවෝ බණ්ඩාරනායක සහ චන්ද්‍රිකා බණ්ඩාරනායක යන හිටපු නායිකාවන් සමඟ සංසන්දනය කරමින් ප්‍රචාරක අදහස් පළ කර ඇති බව වාර්තා වේ.
මෙම ප්‍රචාරක මෙහෙයුමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අනාගත නායකත්වය සහ රාජපක්ෂ පවුලේ දේශපාලන බලය සම්බන්ධයෙන් අලුත් කතාබහක් නිර්මාණය වී තිබේ.