අනතුරු ඇඟවීමක්..වැසි සමයේ මේ ගැනත් අවදානෙන් ඉන්න ..
දිවයින පුරා පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ඩෙංගු යළි හිස එසවීමේ අවදානමක් පවතින බවට සෞඛ්‍ය අංශ අනතුරු අඟවනවා.
මේ වසරේ ගත වූ කාලය තුළ ඩෙංගු රෝගීන් 40,657 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, පුද්ගලයින් 20දෙනෙකු ඩෙංගු වැළඳී මියගොස් තිබෙන බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය අනෝජා ධීරසිංහ මහත්මිය සඳහන් කළා.
ඔක්තෝබර් මාසයේ මේ දක්වා පමණක් රෝගීන් 1,247ක් රෝගීන් වාර්තා වෙලා තිබෙන බව ඇය පවසනවා.
රෝගීන් වැඩි වශයෙන් කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවලින් වාර්තා වන අතර ඊට අමතරව මහනුවර, රත්නපුර, මාතර, ගාල්ල සහ මාතලේ දිස්ත්‍රික්කවලත් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍යවරිය සඳහන් කළේ.