ත්‍රිරෝද රථයක් දුම්රියක ගැටී දෙදෙනෙකුට බරපතළයි

By Mithu Apr 12, 2025 05:47 AM GMT
Report

 අවිස්සාවේල්ල සිට කොළඹ කොටුව බලා අද (12) උදෑසන ගමන්කරමින් තිබූ දුම්රියක කොස්ගම, අළුත්අම්බලම දුම්රිය හරස් මාර්ගයේදී ත්‍රිරෝද රථයක් ගැටී අනතුරක් සිදුවිය.

මෙම අනතුරෙන් ත්‍රිරෝද රථයේ ගමන් කරමින් සිටි දෙදෙනෙකු බරපතළ තුවාල ලබා රෝහල් ගතකර තිබේ.

කෝපි කොප්පයටත් තට්ටු වුනු ට්‍රම්ප්ගේ බදු

කෝපි කොප්පයටත් තට්ටු වුනු ට්‍රම්ප්ගේ බදු

ත්‍රිරෝද රථය දුම්රිය හරස් මාර්ගය පසුකරනවාත් සමග දුම්රියේ ගැටී ඇති අතර, ඒ හේතුවෙන් ත්‍රිරෝද රථයේ එන්ජිම ගැලවී මීටර කිහිපයක් ඈතට විසිවී ඇත.

අනතුර සිදුවන අවස්ථාවේ රියදුරු හා පසුපස අසුනේ තවත් කාන්තාවක් ගමන් කරමින් සිට ඇත. තුවාල ලැබූ දෙදෙනාම අවිස්සාවේල්ල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේ රේල් ගේට්ටුව වසා නොතිබූ බව වාර්තා වේ. ත්‍රිරෝද රථය පදවා ඇත්තේ දුම්රිය ගේට්ටුකරුගේ බාල සොහොයුරෙකු බවද සඳහන්.

තවත් විදුලි බලාගාරයකට විදුලිය මිලදී ගනී.

තවත් විදුලි බලාගාරයකට විදුලිය මිලදී ගනී.

කොස්ගම පොලීසිය සිදුවීම සම්බන්ධයෙන්  වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.