හොරකම් කරන්නම ඉපදුන එකෙක්..මෙහෙමත් හොරකම් කිරිල්ලක්.. ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලකුත් බිඳලා..

By Piyumika Oct 29, 2024 06:43 AM GMT
Report

හෝමාගම ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ නිවසක් කුලියට ගෙන, සොරකමේ නිරත වූ පුද්ගලයෙකු, සොරකම් කරන ලද රුපියල් ලක්ෂ විස්සකට වැඩි ලැප්ටොප් පරිගණක 7ක් , ස්මාර්ට් ජංගම දුරකථන 15ක් සමග අත්අඩංගුවට ගත් බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පවසයි.

සහල් ගැටලුවට මෝල් හිමියන් වගකිවයුතු නිසාද අධිකාරියෙන් පනිද්දී හාල් මෝල් වසා අයිතිකාරයෝ හැංගිමුත්තන් කරන්නේ..

සහල් ගැටලුවට මෝල් හිමියන් වගකිවයුතු නිසාද අධිකාරියෙන් පනිද්දී හාල් මෝල් වසා අයිතිකාරයෝ හැංගිමුත්තන් කරන්නේ..

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ ස්ථිර පදිංචිව සිට දැනට අනුරාධපුර ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේ කුලී නිවසක තාවකාලිකව පදිංචිව සිටින 42 හැවිරිදි පුද්ගලයෙකි.

ගාසා තීරයට දෙදින සටන් විරා­ම­ය­ක් ?...

ගාසා තීරයට දෙදින සටන් විරා­ම­ය­ක් ?...

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කල ප්‍රශ්න කිරීම් වලදී , දහයියාගම ප්‍රදේශයේ ජංගම දුරකථන අලෙවි සැලකට ඇතුළු වී ජංගම දුරකථන 20ක් සොරා ගැනීම , රාත්‍රී කාලයේ ආයතනයකට ඇතුළු වී 450000ක් වටිනා ලැප්ටොප් පරිගණක 3ක් සොරකම් කිරීම , ජාත්‍යන්තර පාසල් ගොඩනැගිල්ලක් බිඳ රුපියල් 60000ක් වටිනා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කිරීම , වෙළඳ සැලක් බිඳ රුපියල් ලක්ෂ 8කට වැඩි දේපල සොරා ගැනීම , පුද්ගලික ආයතනයකට ඇතුළු වී 60000ක් වටිනා ලැප්ටොප් පරිගණකයක් සොරකම් කිරීම ඇතුළු සොරකම් රාශියක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.