සහල් ගැටලුවට මෝල් හිමියන් වගකිවයුතු නිසාද අධිකාරියෙන් පනිද්දී හාල් මෝල් වසා අයිතිකාරයෝ හැංගිමුත්තන් කරන්නේ..

Report

ජනාධිපතිවරයාගේ නියමයෙන් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වී තොග සමීක්ෂණය සඳහා පැමිණෙන බවට ආරංචි ලැබීමත් සමග ඇතැම් වී මෝල් හිමියන් සිය ව්‍යාපාරික ස්ථාන වසාදමා සැඟවී ඇතැයි තොරතුරු අනාවරණය වේ.

කෙසේ නමුත්, දිවයිනේ සහල් තොග සම්බන්ධ වාර්තාව ජනාධිපතිවරයා අතට ඊයේ (28 වැනිදා) දිනයේදී ලබා දීමට එම අධිකාරිය සැලසුම් කර තිබුණද, එම වාර්තාව සැකසීමේ කටයුතු ඊයේ සවස් වනතුරුද අවසන්වී නොතිබීම නිසා අද (29 වැනිදා) හෝ හෙට (30 වැනිදා) එය ජනාධිපතිවරයා අතට පත් කිරීමට නියමිතය.

ඊශ්‍රායලය රජයේ නව තීරණයත් සමග ගාසා තීරයේ ආධාර අර්බුදය තවදුරටත් උග්‍ර වේවිද..

ඊශ්‍රායලය රජයේ නව තීරණයත් සමග ගාසා තීරයේ ආධාර අර්බුදය තවදුරටත් උග්‍ර වේවිද..

දිවයිනේ සහල් මිල ඉහළ යාම පාලනය කිරීම සඳහා ක්‍රමවේදයක් සකස් කිරීමට ප්‍රධාන දිස්ත්‍රික්ක හතරක වී මෝල්වලට ගොස් සහල් තොග සම්බන්ධව වාර්තාවක් ලබා ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට දැනුම් දුන්නේය.

ඒ අනුව, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවල වී මෝල්වල සහල් තොග සම්බන්ධව සමීක්ෂණ කටයුතු පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ ඉකුත් සෙනසුරාදා (26 වැනිදා) සහ ඉරිදා (27 වැනිදා) සිදු කළේය.

ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් මහනුවර නගරයට තවදුරටත් ජල සැපයුම අත්හිටුවයි..

ඊයේ ඇතිවූ හදිසි පිපිරීමක් හේතුවෙන් මහනුවර නගරයට තවදුරටත් ජල සැපයුම අත්හිටුවයි..

අම්පාර දිස්ත්‍රික්කයේ පමණක් වී මෝල් 400 ක් පමණ තිබෙන බවත්, දිවයිනේ අනෙකුත් වී මෝල් සමීක්ෂණය කළයුතුද යන්න පිළිබඳ ජනාධිපතිවරයාගෙන් උපදෙස් ලබා ගැනීමට කටයුතු කරන බවත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් පැවැසීය.

කෙසේ නමුත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරීන් වී මෝල් පරීක්ෂාවට පැමිණෙන බවට තොරතුරු ලැබීමත් සමග ඇතැම් වී මෝල් හිමියන් සිය වී මෝල් වසාදමා සැඟවී සිටීම නිසාද අධිකාරියේ නිලධාරීන්ට තොරතුරු ලබා ගැනීමට ගැටලු තත්ත්වයන් උද්ගත විය.