කවුද ජීවත් වෙන්නේ කියලා තීරණය කරන්නේ ආයුධ ඇති අය, සෙලෙන්ස්කිගෙන් භයානක අනතුරු ඇඟවීමක්

Report

යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි විසින් යුද්ධ නැවැත්වීමට තරම් ජාත්‍යන්තර ආයතන බල රහිත ආයතන බව එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසියේදී ඊයේ ලෝක නායකයින්ට අනතුරු අඟවා ඇත.

ඒ අනුව සෙලෙන්ස්කි තර්ක කරන්නේ ජාත්‍යන්තර නීතිය ක්‍රියාත්මක වීමට නම් බලවත් මිතුරන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය බවත්, අවසාන වශයෙන් මිලිටරි සහය නොමැතිව එය අසාර්ථක වන බවත්ය.

එබැවින් ඔහු වැඩිදුරටත් අවධාරණය කර සිටියේ යුක්‍රේනය වෙනුවෙන් ගොඩනැඟ‍ෙන ආරක්ෂක සන්ධානයට තවත් රටවල් එක්වන ලෙසත්, රුසියාවට විරුද්ධව පීඩනය තීව්‍ර කරන ලෙසත් ය.

රටට ව්‍යසනය ඇති කරන ජාවාරම්කරුවන්ට කළ යුතු දේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිය අමතමින් ජනපති කියයි

රටට ව්‍යසනය ඇති කරන ජාවාරම්කරුවන්ට කළ යුතු දේ එක්සත් ජාතීන්ගේ මහ මණ්ඩලයේ 80 වන සැසිය අමතමින් ජනපති කියයි

තවද ආරක්ෂාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපතිවරයා “ආරක්ෂාව සහතික කළ හැක්කේ අපටම මිස වෙන කිසිවෙකුට නොවේ” යනුවෙන් සඳහන් කළා.

එසේම යුක්‍රේන ජනාධිපතිවරයාට අනුව ආරක්ෂාව තහවුරු වන්නේ බලවත් සන්ධාන, බලවත් හවුල්කරුවන් සහ තමන්ගේම ආයුධ මගින් පමණි. එනිසා ඔහු කවුරුන් ජීවත් වේද? යන්න බව තීරණය කරන්නේ ආයුධ ඇති අය බව පෙන්වා දෙයි.

තවද සෙලෙන්ස්කි මෙය භයානක නමුත් මගහැරිය නොහැකි යථාර්ථයක් ලෙස දක්වයි.

එසේම යුක්‍රේනියානුවන් සාමකාමී ජනතාවක් වුවද, ඔවුන් තම ස්වාධීන රට තුළ නිදහසේ ජීවත් වීමට කැමති ජනතාවක් බවත් ඔහු පැවසුවා.

ඒ අනුව ඔහු සඳහන් කළේ “ඒ නිසා තමයි අපි ආරක්ෂාව සඳහා ආයෝජනය කරන්නේ” යනුවෙන්.

බොහෝ ජාතීන්ට, ආරක්ෂාව සඳහා ආයෝජනය කිරීම හැර වෙනත් මාර්ගයක් ඉතිරිව නැති බවද ඔහු තවදුරටත් කියා ඇත.

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

මෙන්න හැමෝටම වාසියක් වෙන සැලැස්මක් - මහ බැංකු අධිපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න

ඉහළ ගිය රන් මිල - අද මිල ගණන් මෙන්න