මේ බලන්නකෝ වෙලා තියන දේ එක පා පහරින් බස් එකක් පෙරලලා ..

By Piyumika Sep 15, 2024 03:59 AM GMT
Report

කොළඹ – මහනුවර මාර්ගයේ කඩවත දෙසට ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක රියදුරුට මගියක් එල්ල කල පා පහරක් හේතුවෙන් බස්රථය පාලනය කර ගත නොහැකිව පෙරළී ගොස් තිබේ.

නිවසේ තිබු ත්‍රීරෝද රථය ගැන පරස්පර පිළිතුරු ලබා දුන් 'මිහිකතවත්ත ඇපලා' ඇතුළු හතරක් අත්අඩංගුවට ..

නිවසේ තිබු ත්‍රීරෝද රථය ගැන පරස්පර පිළිතුරු ලබා දුන් 'මිහිකතවත්ත ඇපලා' ඇතුළු හතරක් අත්අඩංගුවට ..

පහරදීම සිදු කළ තැනැත්තා සහ බස් රථයේ රියදුරු අතර මුදල් ගනුදෙනුවක් තිබී ඇති අතර එම පුද්ගලයා යතුරු පැදියකින් පැමිණ බසයට ගොඩවී දෙදෙනා අතර බහින්බස් වීමක් දුරදිග ගොස් රියදුරාට පහරදීමේදී බසය පාලනය කරගත නොහැකිව ඇදී ගොස් පෙරළී ඇති බව අනාවරණය වී තිබේ.

ඉඹුල්ගොඩ ප්‍රදේශයේදී බසය පෙරලී ගිය අවස්ථාවේ එහි මගීන් සිට නොමැති බවත් බසය පෙරළී යාමෙන් තුවාල ලත් බස්රථයේ රියදුරා සහ පහරදීම සිදු කළ තැනැත්තා ප්‍රතිකාර සඳහා ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුලත් කොට ඇති බවත් පොලීසිය පවසයි.

දින පනස්තුනක දෙවෙනි විවාහයකට සුදානම් වන පෘථිවිය ..(VIDEO)

දින පනස්තුනක දෙවෙනි විවාහයකට සුදානම් වන පෘථිවිය ..(VIDEO)

සිද්ධිය සම්බන්ධයෙන් යක්කල පොලිස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අතුල ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ සිදු කෙරේ.