තල්දූව ද්විත්ව ඝාතනයේ සැකකරුවෙක් මරුට.
අවිස්සාවේල්ල තල්දූව ප්‍රදේශයේ සිදු වූ ද්විත්ව ඝාතනයට සම්බන්ධ සකකරුවෙක් පොලිස් වෙඩි තැබීමකින් මියගොස් තිබෙනවා.
ඔහු ඔහුගේ දෑත් වලට දමා තිබූ මාංචු කුට්ටමෙන් පොලිස් කොස්තාපල්වරයෙකුගේ ගෙල සිරකර මරා දැමීමට උත්සහ කළ බව කියන අවස්ථාවේ මෙම වෙඩි තැබීම සිදුව ඇත.
සැකකරු නඩු භාණ්ඩ තොගයක් සමඟ අත්අඩංගුවට ගනු ලැබුවේ, ත්‍රිරෝද රථයකින් ගමන්ගත් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා ඝාතනය කර තවත් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදු කිරීම සම්බන්ධයෙන්.
පොලිස් කොස්තාපල්වරයා ද අසාධ්‍ය තත්ත්වයෙන් යුතුව අවිස්සාවේල්ල රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.ප්‍රකාශ කළා.
මෙලෙස මියගොස් ඇත්තේ, 21 හැවිරිදි අවිස්සාවේල්ල මානින්ගමුව ප්‍රදේශයේ පදිංචි මහේෂ් ධනංජය නමැති පුද්ගලයෙක් වන අතර ඔහු ඝාතනය සිදු කළ දිනයේදී යතුරුපැදිය පදවාගෙන ආ පුද්ගලයා බවද සඳහන්.
