කකුල සෝදන්න වැවට බැස්ස පුද්ගලයාට වැවෙන් පුපුරණ ද්‍රව්‍ය තොගයක්

Sri Lanka Police Law and Order Sinhala news gagana news
By Mithu Aug 14, 2025 07:18 AM GMT
Mithu

Mithu

Report

ඊයේ (13) දින දහවල් කාලයේදී තම කුඹුර වෙත පැමිණි පුද්ගලයෙකු කුඹුරේ වැඩ අවසන් කර ඔහුගේ කකුල් සේදීම සදහා ගැටලාව වැවට බැස ඇති අතර එම අවස්ථාවේ දී වැවෙහි ජලයේ තිබී උණ්ඩ කිහිපයක් දැක තිබේ.

එම අවස්ථාවේ දී මේ පිළිබඳව එම පුද්ගලයා විසින් කඩිනමින් මේ පිළිබඳව 118 හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර තිබේ.

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

ඒ අනුව වහා ක්‍රියාත්මක වූ ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ ස්ථානාධිපති බ්.එම්.එම්.ඩී.එන් චතුරංග මුරමුදලි මහතා ඇතුළු පොලිස් නිළධාරින් පිරිසක් වැවෙහි සිදුකළ පරීක්ෂා කිරීමේදී එම වැවෙහි එක් ස්ථානයක ජලයේ තිබී විවිධ වර්ගයේ ජීව පතොරම් විශාල ප්‍රමාණයක් සොයා ගැනීමට සමත් විය.

සොයාගත් උණ්ඩ තොගය මේ වන විට පොලිස් භාරයේ ඇති අතර අද (14) දින විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා එම ස්ථානය තවදුරටත් පරීක්ෂා කිරීමට නියමිතය.

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

මේ අතර පසුගිය මස (23) වන දින ද ගලෙන්බිඳුණුවැව හුරුළුවැව සදහා දියනෑමට පැමිණි තරුණයන් තිදෙනෙකුටද ඔවුන් දියනෑම සදහා පැමිණි තොටුපලෙහි ආසන්නයේ ගල්ගොඩක තිබී ජීව උණ්ඩ කිහිපයක් දැක තිබූ අතර මේ පිළිබඳව ඔවුන් 119 පොලිස් හදිසි ඇමතුම් අංකය හරහා ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානය දැනුවත් කර ඇත.

එදින (23) දින එම ස්ථානය ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයේ නිළධාරින් විසින් සිදුකළ පරීක්ෂා කිරීමේදී එම ස්ථානයේ තිබී T 56 වර්ගයේ උණ්ඩ 10, LMG වර්ගයේ උණ්ඩ 18,අත්බෝම්බයක ගැලවී ඇති පින් 01,T 56 වර්ගයේ පතොරම් ගැබක පතුල කොටසක්,පතොරම් පෙට්ටී ගැලවීමට යොදාගන්නා යතුරු 01 එම ස්ථානයෙන් සොයාගැනීමට හැකිවිය. මෙම ස්ථානය වැඩිදුර පරීක්ෂා කිරීම සඳහා පොලිස් විශේෂ කාර්ය බළකාය යොදවා ඇති බවට සඳහන් වේ.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ