ඉන්දීය සංචාරකයන් 1800ක් රැගත් CORDELLA CRUSES නෞකාව හම්බන්තොටට

Report

ඉන්දියාවේ චෙන්නායි සිට ශ්‍රී ලංකාවේ දින 05ක සංචාරයක් සඳහා ඉංදියානු සංචාරකයන් 1800ක පිරිසක් රැගත් CORDELLA CRUSES නෞකාව ඊයේ (13දා) හම්බන්තොට ජාත්‍යන්තර වරායෙන් මෙරටට පැමිණියේය.

මෙම සංචාරකයින් යාල, බූන්දල, උඩවලව, කතරගම ඇතුළු ස්ථාන කිහිපයක් නැරඹීමෙන් පසු නෞකාවෙන් ත්‍රිකුණාමලය දක්වාත් අනතුරුව කන්කසන්තුරේ දක්වාත් ගමන් කිරීමට නියමිතය.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

එහිදී මෙම සංචාරකයන් පිරිස සීගිරිය, මින්නේරිය, කෝනේෂ්වරම් ඇතුළු ස්ථාන රැසක සංචාරය කිරීමට නියමිතය. සංචාරකයින් පිරිස යළිත් එළඹෙන සිකුරාදා දින කන්කසන්තුරේ සිට ඉන්දියාවේ චෙන්නායි දක්වා ගමන් කරනු ඇත. මෙම නෞකාව සංචාරකයින් සමග මීට පෙරද අවස්ථා දෙකකදී මෙරටට පැමිණ තිබේ.

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?