බුද්ධි තොරතුරක් මෙන්න - හංවැල්ල වෙඩි තිබ්බේ මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව මැරුවට පලි ගන්නලු

Report

හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීම, හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ශාන්ත මුදුන්කොටුව (බනා මන්ත්‍රී) ඝාතනයට සම්බන්ධය ඇති බව පොලීසිය සැක කරන බව වාර්තා වේ.

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

සජබ ප්‍රබලයෙක් අත්අඩංගුවට - ප්‍රාදේශීය ලේකම්ට මරණ තර්ජනය කරලා

එයට අනුව ඊයේ (13) රාත්‍රී 9.50 පමණ, පුද්ගලයින් දෙදෙනෙකු විසින් අදාළ පුද්ගලයෙකු වෙත පිස්තෝලයෙන් වෙඩි තබා පලා ගිය අතර , එම පුද්ගලයාගේ වම් පාදයට තුවාල සිදු විය.

වෙඩි තැබීමෙන් තුවාල ලැබුවේ ලලිත් කන්නංගර (බස් ලලිත්) සමීපතමයෙකු වන 'කන්ද උඩ ඉරේෂ්' නම් පුද්ගලයාගේ 56 හැවිරිදි පියාය.

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

බල්ලෙක් නිසා වෙච්ච හදියක් - බිහිසුණු අනතුරු 3ක් දෙදෙනෙක් මිය ගිහින් මාස අටේ කිරිකැටියට තුවාල

පසුගිය දිනෙක (12) මීගොඩ ආටිගල මාර්ගයේදී බනා මන්ත්‍රී වෙඩි තැබී ඝාතනයට පත් වු අතර, “ගගන” සහ “හඳපාන්ගොඩ හඳයා” නම් අපරාධකරුවන් මෙම සිද්ධිය මෙහෙයවන බව පොලීසිය සඳහන් කරයි.

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

අවුරුදු 15 සිසුන් දෙදෙනා අවුරුදු 8 දැරියට ලිංගික හිංසනය කරලා අම්මා නාවන්න යද්දී ළමයා අඩලා

පොලිස් අධිකාරියෙකු සඳහන් කළේ, හඳපාන්ගොඩ හඳයාගේ පාර්ශ්වයෙන් ලලිත් කන්නංගර පාර්ශ්වයේ පුද්ගලයෙකු වෙත වෙඩි තැබීමක් සිදුවීමේ බුද්ධි තොරතුරු ලැබී තිබෙන බවය.

ඒ අනුව, ලලිත් කන්නංගරගේ සමීපතමයන් ආරක්ෂා කිරීම සඳහා ප්‍රදේශයෙන් ඉවත් කර පොලිස් ආරක්ෂාව සැපයු අතර, එම වෙඩිතැබීම එම කාලය තුළ සිදු වූ බවද පොලීසිය පැවසීය.