රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

Report

කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ පිවිසුම් සහ ගේට්ටු පද්ධතිය වෙනස් කිරීමට සූදානම් බව සදහන් වේ.

නමුත් ඒ තුළින් රුපියල් කෝටි 5කට අධික රජයේ මුදල් නාස්තියක් සිදුවිය හැකි බවට වරාය වෘත්තීය සමිති නායක ශ්‍යාමල් සුමනරත්න මහතා විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට (CIABOC) පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

කමල් අද්දර ආරච්චිට කරදරයක්?මෙන්න ඇත්තම විස්තරේ

මෙම පැමිණිල්ල තුළ ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ මෙම වෙනස් කිරීම පෞද්ගලික පර්යන්ත වලට වාසි සැලසීම උදෙසා සිදු කරන්නක් බවයි.

අදාළ පැමිණිල්ලට අනුව, 2021 වසරේදී නැගෙනහිර පර්යන්තයේ පවත්නා ගේට්ටු සහ පිවිසුම් පද්ධතිය අඛණ්ඩව පවත්වාගෙන යාමට තීරණය කර තිබුණි.

එහෙත්, වත්මන් රජය බලයට පත්වීමෙන් අනතුරුව පෞද්ගලික පර්යන්තවලට වාසිවන ආකාරයට මෙම මාර්ග සැලැස්ම වෙනස් කිරීමට කටයුතු කර ඇති බව සදහන්.

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

හංවැල්ලෙ වෙඩි වරුෂාවක් - "බුදු අම්මෝ කියලා කෑ ගහන සද්දේ ඇහුණා. .මම පුතාව බිම නිදිකරවා ගත්තා"

මෙම තත්ත්වය පිළිබඳව තොරතුරු ලැබුණු වහාම වරාය වෘත්තීය සමිති සන්ධානය දැඩි විරෝධය පළ කර තිබේ. එම කමිටුව විසින් සිදු කරන ලද අධ්‍යයනයකින් පසුව, ශ්‍රී ලංකාවට වඩාත් වාසිදායක සැලැස්ම දැනට ඉදිකර ඇති ගේට්ටු පද්ධතිය බව අනාවරණය වේ.

සුමනරත්න මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ, වරාය වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානය විසින් කරුණු 10ක් යටතේ ඉදිරිපත් කරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පරීක්ෂණ සිදුකර, “දූෂණය සහ අල්ලස” යන චෝදනා යටතේ වගකිවයුතු නිලධාරීන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස CIABOC කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටි බවයි.

බේකරියකින් මිලදී ගත් කුකුළු මස් බනිස් එකක මිය ගිය සර්පයෙක්..

බේකරියකින් මිලදී ගත් කුකුළු මස් බනිස් එකක මිය ගිය සර්පයෙක්..