මේක නම් පිස්සුවක්, බොලිවුඩ් සුපිරි තරු අක්ෂේ කුමාර්, අජේ දේව්ගන් එක්ක අමාත්‍ය ස්ම්‍රිති ඉරානිත් ලංකාවට

Smt Smriti Zubin Irani Akshay Kumar Ajay Devgn Bollywood Sinhala news
By Kaushi Aug 14, 2025 08:40 AM GMT
Kaushi

Kaushi

Report

Jain Inteational Business Conclave 2025 සමුළුවේ සමාරම්භක උත්සවය හෙට (15) දින ආරම්භ වීමට නියමිතව තිබෙනවා. ඒ අනුව හෙට සිට පුරා දින තුනක් මෙම සමළුව පැවැත්වෙන බව සඳහන්.

මේ අතර බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාර හනීෆ් යුසුෆ් විසින් සමුළුව නිල වශයෙන් ආරම්භ කිරීමට නියමිත අතර මෙම සුවිශේෂී අවස්ථාව වෙනුවෙන් ඉන්දියාවේ ප්‍රමුඛ පෙළේ දේශපාලන, ව්‍යාපාරික සහ සිනමා ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛයන් රැසක් සහභාගී වීමට නියමිත බව වාර්තා වේ.

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඇමති වසන්ත සමරසිංහ කැබිනට්ටුවෙන් දොට්ට..

ඒ අනුව ඉන්දීය කාන්තා හා ළමා සංවර්ධන සහ සුළුතර කටයුතු පිළිබඳ අමාත්‍ය ස්ම්‍රිති ඉරානි (Smriti Irani) ද මෙම සමුළුවට එක්වීමට නියමිත බව පවසයි. ස්ම්‍රිති ඉරානි දේශපාලන නායිකාවක් ලෙස මෙන්ම සම්මානලාභී රූපවාහිනී නිළියක් වශයෙන් ද ලබා ඇති අද්විතීය අත්දැකීම්, විශේෂයෙන්ම ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සහ ආර්ථික සවිබල ගැන්වීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීම ද මෙහීදී බලාපොරොත්තු වේ.

එසේම බොලිවුඩ් සුපිරි තරු වන අක්ෂේ කුමාර් (Akshay Kumar) සහ අජේ දේව්ගන් (Ajay Devgn) ඔවුන්ගේ සිනමා දිවිය සහ සමාජ සේවා කටයුතු සම්බන්ධයෙන් අදහස් ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බව සඳහන්.

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මුළු රටටම විශේෂ දැනුවත් කිරීමක්, මේ රෝගෙන් බේරෙන්න නම් මේවා පිළිපදින්න

මේ අතර සංවිධායකයින් මෙම තෙදින සමුළුව ඉහළ පෙළේ සබඳතා ගොඩනගා ගැනීමට, පරිවර්තනීය සාකච්ඡා පැවැත්වීමට සහ උපායමාර්ගික සහයෝගීතා ඇති කර ගැනීමට වේදිකාවක් සපයනු ඇති බව ප්‍රකාශ කරයි.

ඒ අනුව මේ වසරේ කලාපයේ වඩාත්ම අපේක්ෂිත සමුළුවක් වශයෙන් මෙය සැලකෙන බව සඳහන්.

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි

රෝහිතගේ කොලිෆිකේෂන් අපි පෙන්නනම්, රාජපක්ෂ පුතාට බනිනවා අහන් ඉන්න බැරි තැන Supreme SAT ට දෙවෙනි පාරටත් කිරි එරෙයි