මව්කිරි දෙන්නත් මාසයක් නම් කරයි

Ministry of Health Sri Lanka Nalinda Jayatissa Sinhala news gagana news
By Mithu Aug 14, 2025 10:18 AM GMT
Mithu

Mithu

Report

ජාතික මව්කිරි දීමේ මාසය ලෙස අගෝස්තු නම් කිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇත. එම විශේෂ මාසය වෙනුවෙන් පැවැත්වෙන ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල වොටර්ස් ඒජ් හෝටලයේ දී පැවැත්විණි.

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

මට අටලෝ දහම හොදට පුරුදුයි - නව පොලිස්පති වැඩ භාර ගනී

ජාත්‍යන්තර මව්කිරි දීමේ සතිය ලෙස සෑම වර්ෂයකම අගෝස්තු මස 1 සිට 7 දක්වා ප්‍රකාශයට පත්කර ඇති අතර එම සතියට සමාගාමීව මෙම මාසය ප්‍රකාශයට පත්කරීමට පියවර ගැණුනි.

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

රජයේ මුදල් කෝටි 5ක් පමණ නාස්ති කරන්න යන කොළඹ වරායේ මගඩිය එළියට - ආණ්ඩුවත් සෆෝර්ට්

මව්කිරි දීමේ වැදගත්කම, එම මාසය තුළ සිදුකරන ක්‍රියාකාරකම්, දැනුම හුවමාරු කර ගැනීම, පසුගිය වර්ෂයේ සිදුකල කාර්යන් පිළිබඳව කතිකා කිරීම, මව්කිරි දීම පිළිබඳව දස පිළිවෙතට අදාළව තම කාර්ය සාර්ථකව ඉටුකළ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම, මෙන් ම තවත් වැඩසටහන් රාශියක් ඇතුළත් ව මෙම ජාතික සැමරුම් උත්සවය සහ උපදේශන වැඩමුළුව පැවැත්විණි.

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?

ආයෙත් උතුර කලබලයි 18 හර්තාලයක් දෙයියනේ මොකක්ද මේ වෙන්නේ?