අත්අඩංගුවට ගත් SSP සතීෂ් ගමගේ රිමාන්ඩ්
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ සංස්කෘතික අංශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සතිෂ් ගමගේ මහතා එළඹෙන 19 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන මෙන් කොළඹ මහේස්ත්‍රාධිකරණය නියම කර තිබෙනවා.
කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය අල්ලස් කොමිසමේ නිලධාරීන් හා විත්තියේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කළා.
ඒ අනුව අඳාළ සැකකරු ගාල්ල සහ ඇඹිලිපිටිය පොලිස් කොට්ඨාශ භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා ලෙස කටයුතු කළ සමයේ වෙනත් පුද්ගලයෙකු නමින් පුද්ගලික බැංකු තුනක ගිණුම් 03 ක් විවෘතකර, එම ගිණුම්වලට සංවිධානාත්මක අපරාධකරුවන්ගෙන්, පොලීසියට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයින්ගෙන් හා වෙනත් අපරාධකරුවන්ගෙන් අල්ලස් ලෙස ලබාගත් රුපියල් එක් කෝටි හතළිස් ලක්ෂයකට (රු.14,000,000) ආසන්න මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීම සහ මුදල් විශුද්ධිකරණ චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.
