05 ශිෂ්‍යත්වය ගැන විභාග කොමසාරිස්වරියගෙන් දෙමව්පියන්ට නිවේදනයක්

Report

2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අද (10) පැවැත්වුණි. ඒ අනුව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,787කදී විභාග අයදුම්කරුවන් 307,951ක් අද විභාගයට මුහුණ දී තිබේ.

දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ තොගයක් හොර පාරෙන් ප්‍රසිද්ධ සමාගමකට

දුම්රිය දෙපාර්තමේන්තුවේ අබලි යකඩ තොගයක් හොර පාරෙන් ප්‍රසිද්ධ සමාගමකට

ඒ අනුව විභාගය අවසන් වූ පසු දරුවන්ගෙන් විභාග ප්‍රශ්ණ පත්තරය ගැන නැවත නැවත නොඅසන ලෙසත් දරුවන්ට දරුවන්ගේ ළමා කාලය නිදහසේ ගත කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස විභාග කොමසාරිස්වරිය ප්‍රකාශ කර තිබේ.

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

උසස් පෙළ සාමාන්‍ය පෙළ පැවැත්වෙන දිනයන් නිල වශයෙන් ප්‍රකාශ කරයි

ඒ අනුව ඇය ඒ සම්බන්ධයෙන් සිදු කළ තිබුණේ පහත ආකාරයේ ප්‍රකාශයක්,

"විශේෂයෙන්ම මේ පුංචි දරුවන්. මේ පුංචි දරුවන්ගේ ළමා කාලය සතුටින් ගත කරන්න අවස්ථාව සලසා දෙන්න ඕනේ. 05 ශිෂ්‍යත්ව විභාගය කියන හේතුව මතම දරුවන් අධික ලෙස පීඩනයට පත්වීම වළක්වාගන්න එක අපි හැම දෙනාගේම වගකීමක්. දරුවන් තමන්ගේ හැකියාව අනුව විභාගයට පෙනී සිටිනවා.

දරුවන්ගේ හැකියාව වෙනස් ඒ නිසා දරුවන් සංසන්දනය කරමින් දරුවන් අද විභාගයට ලිව්වේ මොනවාද?, ඒ උත්තර නැවත හොයලා වැරදි උත්තර ලියලා නම් දරුවන්ට බනින්නට ඒ වගේම දඬුවම් කරන්න යන්න එපා. හරි උත්තරය ලිව්වාත් වැරදි උත්තරය ලිව්වාත් ඒ දරුවන් ඒ අවස්ථාවේදී ප්‍රශ්න පත්‍රයට මුහුණ දෙන ආකාරය තමයි ඒ පෙන්වන්නේ.

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

මෙච්චර ඉක්මනට ශිෂ්‍යත්ව ප්‍රතිඵල?ප්‍රතිඵල එන දිනය මෙන්න

ඉතිං අපේ දරුවන් මොන ආකාරයෙන් පිළිතුරු සැපයෙව්වාත් දරුවාගේ ළමා කාලය කියන එක අපි හැමෝටම ආපහු ගන්නට බැහැ. ඉතිං මේ ළමා කාලය සතුටින් ගත් කරන්නට පිළිතුරු ලිවීම කියන එක පදනම් කරගන්න එපා.

ශිෂ්‍යත්ව විභාගය කියන එක දරුවාට එක විභාගයක් විතරයි. අනාගතයේදී දරුවන්ට මීට වඩා හොඳ විභාගවලට මුහුණ දෙන්න හැකියාව මේ දරුවන්ට තිබෙනවා. ඒ නිසා මේ ශිෂ්‍යත්ව විභාගය කියන එක මතම දරුවන්ය පීඩනයට පත්වෙන විදිහට කටයුතු කරන්න එපා කියලා තමයි මම දෙමාපියන්ගෙන් ආදරයෙන් ඉල්ලන්නේ."

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න

රත්තරන් ගන්න ඉන්න අයට - අද රන් මිල වෙනස් වුණු හැටි දැනගන්න