විශ්වාසය කඩ කර ,වංචා කර ,සාවද්‍ය පරිහරණය, කලායී සැරයන්ට චෝදනා ..

By Piyumika Jul 14, 2024 08:42 AM GMT
Piyumika

Piyumika

Report

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ වැටුප් ලේඛන අංශයේ සිදුවී ඇතැයි කියන රුපියල් ලක්ෂ 180 ක මුදල් වංචාවක් සම්බන්ධයෙන් මාණ්ඩලික සැරයන්වරයෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය .

6 දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු පෙළ

6 දෙනෙකුට දිවි අහිමි කල මාරක අනතුරු පෙළ

ලද පැමිණිල්ලක් අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශය මගින් සිදු කළ විමර්ශනයකින් අනතුරුව සැකකාර මාන්ඩලික සැරයන්වරයා අත්අඩංගුවට ගෙන තිබේ.

විශ්වාසය කඩ කර වංචා කර සාවද්‍ය පරිහරණය කිරීම සැකකරුට එරෙහිව ඇති චෝදනාවේ.

යාංඔය පාලම අසල සිදු වූ බිහිසුණු අනතුර..

යාංඔය පාලම අසල සිදු වූ බිහිසුණු අනතුර..

දණ්ඩ නීති සංග්‍රහ පනත වගන්ති 386,389,400, 457 යටතේ සහ 1999 අංක 28 දරණ පනතින් සංශෝධිත 1982 අංක 12 දරණ පොදු දේපළ විෂයෙහිලා සිදුකරනු ලබන වැරදි පිළිබඳ පනතේ 5 (1)(2) වරදවල් බව පොලිසිය සඳහන් කර තිබේ.

මෙලෙස අඩංගුවට ගත් සැකකාර මාන්ඩලික සැරයන්වරයා 39 හැවිරිදි කිරිවත්තුඩුව පිටිපන දකුණු පදිංචිකරුවෙකි .