කළුබෝවිල නිවසකටත් වෙඩි තැබීමක්

Crime Law and Order Gun Shooting Sinhala news Breaking News
By Kaushi Jun 15, 2025 05:55 AM GMT
Kaushi

Kaushi

Report

කොහුවල පොලිස් වසමට අයත් කළුබෝවිල පන්සල පාරේ තිබූ නිවසකට යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙක් වෙඩි තැබීමක් සිදුකර පළා ගොස් ඇති බවට වාර්තා වේ.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

පොලිසිය ප්‍රකාශ කළේ අද (15) අලුයම් කාලයේදී අඳාළ වෙඩි තැබීම සිදුකර සැකකරුවන් පළා ගොස් ඇති බවයි.

ඒ අනුව සැකකරුවන් දෙදෙනා නිවසේ ගේට්ටුවට හා නිවස දෙසට වෙඩි තබා ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජිවිත හානි හෝ තුවාල නොමැති බව පොලීසිය විසින් ප්‍රකාශ කර ඇත.

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

ඒ අනුව මේ වන තෙක් කර ඇති විමර්ශන මත පොලීසිය සැක පළ කරන්නේ මෙය මුදල් ආරවුලක් මත සිදුකර ඇති බවටයි.

මේ සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය හා කොහුවල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරන බව වාර්තා වේ. 

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

ReeCha