මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි
ශ්‍රී ලංකා මහ බැංකුව මඟින් මෙරට විදේශීය ණය බර 2023 වර්ෂයට සාපේක්ෂව 2024 වර්ෂයේ දී ඉහළ ගොස් ඇති බව ප්‍රකාශ කරයි.
ඒ අනුව මහ බැංකුවෙන් පෙන්වා දෙන පරිදී 2023 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 63.4 ක් වේ.
නමුත් එය 2024 වර්ෂයේදී දී මෙරට විදේශීය ණය බර ඇමෙරිකානු ඩොලර් බිලියන 68 ක් දක්වා ඩොලර් බිලියන 5 කින් හෙවත් ඩොලර් කෝටි 500 කින් පමණ ඉහළ ගොස් ඇති බව දක්වා තිබෙනවා.
මහබැංකුව මෙසේ විදේශ ණය බර වර්ධනයට හේතුව ද පෙන්වා දෙයි.
එහි සඳහන් වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල, ආසියානු සංවර්ධන බැංකුව සහ ලෝක බැංකුව විසින් ශ්‍රී ලංකාවට සපයන ලද විදේශීය ණය සහ වගකීම් ඉහළ යාම නිසා බවයි.