බලන් ගිහාම ඔක්කොම බොරු මරිසි...හිටපු ජනාධිපතිවරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කරන්නේ නෑ...

Report

තොරතුරු පනත (RTI) යටතේ ලබාගත් ලේඛනයකින් අනාවරණය වී ඇත්තේ හිටපු ජනාධිපතිවරුන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල විශ්‍රාම වැටුප් සහ විශේෂ වරප්‍රසාද අහෝසි කිරීමේ රජයේ ප්‍රතිඥාව, අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙන් ඉවත් කර ඇති බවයි.

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ලයිසන් එකටත් කෙළ වෙයි...අවලංගු වෙන රියදුරු බලපත්‍ර මෙන්න

ඉකුත් මාර්තු මාසයේදී ජනාධිපති ලේකම්වරයා විසින් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබුණේ ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනය ජාතික ප්‍රතිපත්ති රාමුව ලෙස පිළිගැනීමට එම මාසයේදී කැබිනට් තීරණයක් ගෙන ඇති බවටයි.

කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් සන්ඩේ ටයිම්ස් පුවත්පත විසින් ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු පනත යටතේ ඉල්ලීමක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අඳාළ තොරතුරු ලබාගෙන තිබෙනවා.

එහිදී අදාළ අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්මෙහි “විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සහ විධායක බලතල නොමැති ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව විසින් පත් කිරීම” යන කැපවීම රඳවාගෙන ඇති බව සඳහන්.

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

උණුසුම යන්නත් කලින් ඉන්දියාවෙ තවත් ගුවන් අනතුරක් සියල්ල මරුට

මෙම වසර මුලදී ජනාධිපති විසින් පත් කරන ලද කමිටුවක් මඟින් මෙම වරප්‍රසාද කපා හැරීමට රජයේ අභිප්‍රායට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය බාධාවක් පවතින බව ද වාර්තා වී ඇත.

කෙසේ වෙතත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) වගන්තියේ දැක්වෙන්නේ,

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

මුළු ලංකාවම බයෙන් හිටපු ඒ දේත් වෙලා...යුද්දෙන් ලාංකිකයන්ටත් තුවාල

“ජනාධිපති ධූරයට පත්වීමෙන් පසු, එවැනි ධූරය දරන්නාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුපක් සහ දීමනා සහ ඉන් අනතුරුව එවැනි විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත. මෙම වගන්තියේ පසුකාලීන ඕනෑම සංශෝධනයක්, අවලංගු කිරීමක් හෝ ප්‍රතිස්ථාපනය කිරීමක් සහ මෙම වගන්තියට නොගැලපෙන පසුකාලීන ඕනෑම නීතියක් හෝ එහි කිසිදු විධිවිධානයක් අතීතයට බලපැවැත්වෙන පරිදි ක්‍රියාත්මක නොවිය යුතුය”.

එසේම 36(4) වගන්තියේ දැක්වෙන්නේ, “පාර්ලිමේන්තුවට යෝජනාවක් මගින් ජනාධිපති ධූරය දරන්නන්ගේ වැටුප්, දීමනා හෝ විශ්‍රාම වැටුප් හිමිකම් වැඩි කළ හැකි නමුත්, අඩු කළ නොහැක” යනුවෙන් බව ද සඳහන්.

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි

මහජනතාවට කෙළ වෙන බව මහ බැංකුවෙන්ම දැනුම් දෙයි