රත්නපුර බලය ජාතික ජන බලවේගයට
ජාතික ජන බලවේගයට රත්නපුර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන 06ක බලය පිහිටුවීමට හැකිව තිබෙනවා.
ඇඹිලිපිටිය නගර සභාව, ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාව , බලංගොඩ ප්‍රාදේශීය සභාව , ඉඹුල්පේ ප්‍රාදේශීය සභාව , ඇහැලියගොඩ ප්‍රාදේශීය සභාව සහ කලවාන ප්‍රාදේශීය සභාව යන පළාත් පාලන ආයතන තුල ජාතික ජන බලවේගය බලය පිහිටුවා තිබෙනවා.
රත්නපුර දිස්ත්‍රික්කයේ ඉතිරි පළාත් පාලන 11 සඳහා හෙට (16) සිට ලබන 26 දක්වා නගරාධිපතිවරුන් හා සභාපතිවරුන් තෝරා පත් කර ගැනීමට නියමිතයි.