සැමන් කන්නේ බලාගෙන මෙන්න විස්තරේ

Report

නිෂ්පාදන ආයතනයක නම සහ ප්‍රමිති ලාංඡනය ව්‍යාජ ලෙස යොදා පාරිභෝගිකයන් නොමඟ යවමින් ටින්මාළු නිෂ්පාදනය කළ ස්ථානයක් වටලා ඇත. පාරිභෝගික කටයුතු පිලිබඳ අධිකාරිය වෙත ලද පැමිණිල්ලකට අනුව ඊයේ (03) මීගමුව, තලාහේන, දූන්ගල්පිටිය ප්‍රදේශයේ ව්‍යාජ ලෙස ටින්මාළු නිශ්පාදනය කරමින් තිබු ස්ථානයක් මෙලෙස වටලා තිබේ.

දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

දේශීය වෙළඳපොළේ රන් මිලට වෙච්චදේ..

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය මගින් නිකුත් කරනු ලැබූ ප්‍රමිති සහතිකය හා නිෂ්පාදන ආයතන නාමයක් ව්‍යාජ ලෙස යොදා ගනිමින් අපිරිසිදු හා අවිධිමත් ලෙස මෙම ටින්මාළු නිශ්පාදනය හා ඇසුරුම් කිරීම සිදුකොට ඇති බවට අනාවරණය වී ඇත.

වැටලීමේදී ව්‍යාජ ලෙස නිශ්පාදනය කර වෙළෙඳපොළට නිකුත්කිරීමට සුදානම්කර තිබු ප්‍රමිතියෙන් තොර එකක ශුද්ධ බර ග්‍රෑම් 425ක් සහිත ටින්මාළු ඇසුරුම් 700 කට ආසන්න ප්‍රමාණයක් හා එම තොගය ප්‍රවාහනයට සූදානම් කර තිබූ ලොරි රථයක් ද නිලධාරින් භාරයට ගෙන තිබේ.

පසුගිය මාස දෙකක පමණ කාලය තුළ ගම්පහ ඇතුළු අවට ප්‍රදේශවලට මෙම ස්ථානයෙන් නිෂ්පාදනය කරනු ලැබූ ප්‍රමිතියෙන් තොර නිෂ්පාදන බෙදාහැර ඇති බවට ද වැටලිමට අදාළ මුලික විමර්ෂණවලදි අනාවරණය වී ඇත. මේ සම්බන්ධව තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක වන අතර ඉදිරියේදි එම විමර්ශනවලින් පසුව අදාළ පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීමට නියමිතය.

දේශබන්දු මරන්න බූස්ස රැදවියොත් සම්බන්ධයි?

දේශබන්දු මරන්න බූස්ස රැදවියොත් සම්බන්ධයි?