දේශබන්දු මරන්න බූස්ස රැදවියොත් සම්බන්ධයි?

Report

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ට තර්ජනය කිරීම සම්බන්ධයෙන් බූස්ස බන්ධනාගාරයේ සිටින සැකකරුවන් දෙදෙනකුගෙන් ප්‍රකාශ ලබාගැනීමට කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දී ඇත.

චාමරගෙන් පැය 03ක ප්‍රකාශයක් ගනියි

චාමරගෙන් පැය 03ක ප්‍රකාශයක් ගනියි

මෙම සිදුවීම සම්බන්ධයෙන් ලැබුණු තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට කළ කරුණු වාර්තා කිරීමෙන් පසු මෙම අවසරය ලබා දී තිබේ.

දේශබන්දු තෙන්නකෝන්ට පාතාල කල්ලි නායක කංජිපානි ඉම්රාන්ගෙන් තර්ජන එල්ල විය හැකි බවට උසස් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු දේශබන්දු තෙන්නකෝන්ගේ හෝකන්දර පිහිටි නිවෙසට ගොස් ඔහුට දැනුම් දී තිබිණි. ඔහුව ඝාතනය කරන ලෙසට විදෙස්ගතව සැඟව සිටින කංජිපානි ඉම්රාන් නමැති සංවිධානාත්මක අපරාධකරු සිය සමීපතමයන්ට උපදෙස් ලබා දී ඇති බවට තොරතුරු වාර්තා වී ඇති බව එම නිලධාරීන් වැඩිදුරට ත් එහිදී සඳහන් කර ඇත.

මළගෙදර පිහි ඇනුමකින් තවත් මළගෙයක්

මළගෙදර පිහි ඇනුමකින් තවත් මළගෙයක්