පිට පිට ලබාගත් තියුණු ජයක් සමඟ ශ්‍රී ලංකාව වාර්තා පොත් අතරට.
ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි සිව්දෙනාගේ තරග වටයේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැති තරගය ලකුණු 21කින් ජයගැනීමට ශ්‍රී ලංකාව අද සමත්වුණා.
අද තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශ නායකයා දිනා ගත් අතර ඔවුන් පළමුවෙන් පන්දුවට පහරදීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කළා.
එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 50දි කඩුලු 9ක් දැවි ලකුණු 257ක් රැස් ගැනීමට සමත් වුණා.
ශ්‍රී ලංකා ඉනිම ඇරඹූ පැතුම් නිස්සංක සහ දිමුත් කරුණාරත්න පළමු කඩුල්ලට ලකුණු 34ක සබඳතාවක් ගොඩනැගු අතර අනතුරුව පැතුම් නිස්සංක සමගින් එක් වූ කුසල් මෙන්ඩිස් දෙවන කඩුල්ලට ලකුණු 74ක සබඳතාවයක් ගොඩනැගුවා.
මෙහිදී පැතුම් නිස්සංක ලකුණු 40ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 50ක් රැස් කළා.
සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ සදීර සමරවික්‍රම සිය එක්දින දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කරමින් ලකුණු 93 රැස් කරගනු ලැබුවා.
ලකුණු 258ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි බංග්ලදේශ කණ්ඩායමට පන්දුවාර 48යි එක් පන්දුවකදී සියලුදෙනා දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 236ක් පමණයි.
අද තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවති අතර මෙය ශ්‍රී ලංකා කණ්ඩායම පිට පිට ලබාගත් 12වැනි එක්දින ජාත්‍යන්තර තරග ජයග්‍රහණය ලෙස වාර්තා පොතට එක්වෙනවා.  
 
                 
                     
                                             
         
     
     
     
                            ![වැලිගම සභාපති ඝාතනයේ වෙඩික්කරු සියල්ල වමාරයි - කොන්ත්‍රාත්තුව ඩුබායි වලින්ලු.. [VIDEO]](https://cdn.ibcstack.com/article/c177408b-beaf-411b-9de0-cc4fbac35be4/25-68fe794a2a88e-sm.webp) 
         
         
        ![වැලිගම සභාපති ලසන්තට වෙඩි තබා පලා යාමේ CCTV දර්ශණ මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/a01f3a8c-4ee0-4b04-b1b9-31e5260c5c8b/25-68f891be30aee-sm.webp) 
         
        ![පාර්ලිමේන්තුව ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/e9de7634-e7a1-4c4b-8e5f-6f353bcfe7d3/25-68f85aabae4a3-sm.webp) 
        ![ඉෂාරා සෙව්වන්දි නේපාලයේදී අත්අඩංගුවට ගැනීමේ දර්ශන මතුපිටට මෙන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/affd5cd1-8134-4e3a-9d28-948e83007ac9/25-68f7ac794771e-sm.webp) 
        ![පක්ෂ අරමුදලට බැරි නම් කාක්කන්ට ආප්ප අරන් දුන්නත් අපිට කමක් නෑ අපි කතා කරන්නේ මන්ත්‍රී දීමනා ගැන - ගම්මන්පිල [VIDEO]](https://cdn.ibcstack.com/article/369fe2d8-5491-4b76-a1aa-e376938006a4/25-68f7357509db9-sm.webp) 
        ![අද දින පාර්ලිමේන්තු සභාවාරය ඇරඹෙයි [LIVE]](https://cdn.ibcstack.com/article/1d5ea822-6c39-417c-b13d-51d8b42ff237/25-68f70e0059a27-sm.webp) 
        ![මේක වසංගතයක් ඒ අස්සේ මාලිමා ආණ්ඩුව LGBTQ ප්‍රවර්ධනයට උඩවැඩි දෙනවා - චන්න [VIDEO]](https://cdn.ibcstack.com/article/4de83780-258b-48e0-9ec4-623fbfd40167/25-68f376d9b7ce1-sm.webp) 
         
         
         
         
        ![ඔයා වෙනුවෙන් මගේ හදවතේ ආදරේ පිරිලා අපි සංසාර හමුවීමක් සනත්ගේ බිරිද සුභ පතයි [PHOTOS]](https://cdn.ibcstack.com/article/c41e8ffc-b080-4fe7-b583-be951e7f243c/25-69001f6c2d260-sm.webp) 
         
         
         
         
         
         
         
         
         
        