දාහත් හැවිරිදි සිසුවියට මරණය ගෙනා රෙදි මැසීමේ යන්ත්‍රය..(VIDEO)

Sri Lanka Police Sri Lanka Death School Children
By Piyumika Jun 12, 2024 11:08 AM GMT
Piyumika

Piyumika

Report

රෙදි මැසීමේ යන්ත්‍රයකට අනාරක්ෂිත ලෙස විදුලිය ලබාගැනීමට ගිය 17 හැවිරිදි පාසල් සිසුවියක් විදුලිසැර වැදී ජීවිතක්ෂයට පත් වී ඇත.මෙලෙස මිය ගොස් ඇත්තේ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයෙන් උසස් පෙළ හදාරන නිශානි පියුමිකා නම් සිසුවියකි.

පොදු ස්ථානවල හැසිරෙන්න නොදන්නා අයට ගෙනා අලුත් නීතිය..

පොදු ස්ථානවල හැසිරෙන්න නොදන්නා අයට ගෙනා අලුත් නීතිය..

සිය මිත්තණිය භාරයේ හැදී වැඩුණු නිශානි නිවසට පැමිණි පසුව, අක්‍රීය තත්ත්වයේ තිබූ රෙදි මැසීමේ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට උත්සාහ දරා ඇත. ඒ අවස්ථාවේදී මිත්තණිය අසනීප තත්ත්වයක් හේතුවෙන් යාබද කාමරයේ නිදාගෙන සිටි තිබේ.

සිසුවිය රෙදි මැසීමේ යන්ත්‍රයේ මෝටරය සහ වයරය සම්බන්ධ විදුලි පේනුව කාමරයේ බිත්තියට සවිකර තිබූ කෙවෙනියට සම්බන්ධ කිරීමට උත්සාහ කළත් එය අසාර්ථක වී ඇති අතර අනතුරුව වයරයට සම්බන්ධ පේනුව කොටස කපා ඉවත් කර එමඟින් පාදාගත් වයර් කොටස් දෙක කෙවෙනිය තුළට ඇතුළු කර විදුලිය ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සිසුවියට විදුලි සැර වැදී ඇති බව සඳහන් වේ.

ආපනශාලාවකට හදිසි ප්‍රහාරයක්..

ආපනශාලාවකට හදිසි ප්‍රහාරයක්..

විදුලි සැර වැදීමත් සමගම ඇය කෑ ගැසූ ශබ්දය ඇසී එහි පැමිණි අසල්වාසී කාන්තාවක විසින් කාමරයේ වැටී සිටි සිසුවිය පිළියන්දල දිසා රෝහල වෙත රැගෙන ගියද ඒ වනවිටත් ඇය මියගොස් තිබුණි.

සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා ස්ථානීය පරීක්ෂණය සිදුකළ අතර, එහිදී රෙදි මැසීමේ යන්ත්‍රය අසල තිබී කපන ලද පේනුවේ කොටස, නියනක් මෙන්ම ඊට මදක් ඈතින් වයර් කෝඩ් එකක්ද බිම වැටී ඇති අයුරු නිරීක්ෂණය විය.

නැවතුම් පොළේදිත් නොනැවතී ධාවනය වූ බසය නිසා පහක් රෝහලේ(VIDEO).

නැවතුම් පොළේදිත් නොනැවතී ධාවනය වූ බසය නිසා පහක් රෝහලේ(VIDEO).

සිද්ධියෙන් මියගිය නිශානි පියුමිකාගේ පියා මැලේසියාවේ හෝටලයක සේවය කරමින් සිටියදී 2023 වසරේ මියගොස් ඇති අතර, මව සෞදි අරාබියේ රැකියාව සඳහා මීට මාස කිහිපයකට ඉහතදී පිටත්ව ගොස් ඇති බව පිළියන්දල පොලීසිය සඳහන් කළේය.


Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%