ඉහළ ගිය ඩොලරයේ වටිනාකම.

Central Bank of Sri Lanka Sri Lankan rupee Sri Lanka Dollars
By Hashini Oct 19, 2023 09:50 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අද (19) අවප්‍රමාණය වී තිබෙනවා.

එක්සත් ජනපද ඩොලරයේ ගැණුම් අනුපාතය රුපියල් 319.29ක් වන අතර විකිණුම් අනුපාතය සටහන් වන්නේ රුපියල් 329.81ක් ලෙසිනි.

මෙරට වාණිජ බැංකු කිහිපයක් එක්සත් ජනපද ඩොලරයක ගැණුම් සහ විකුණුම් මිල දක්වා තිබුණේ මෙලෙසින්.

මහජන බැංකුව රු. 317.15 ගැණුම් මිල දක්වන අතර රු. 330.39ක් ලෙස විකුණුම් මිල දක්වයි.

සම්පත් බැංකුව රු. 320.00 සහ රු. 330.00ක් ලෙස ගැණුම් සහ විකුණුම් මිල දක්වයි.

රු. 318.18 ක් ලෙස ගැණුම් මිල දක්වන කොමර්ෂල් බැංකුවේ විකුණුම් මිල රු. 328.50 දැක්වෙයි.

හැටන් නැෂනල් බැංකුව (HNB) ගැණුම් මිල රු. 321.00ක් වන අතර රු. 329.00ක් ලෙස විකුණුම් මිල දක්වයි.

සෙලාන් බැංකුව තම ගැණුම් හා විකුණුම් මිල දක්වා ඇත්තේ රු. 317.50 සහ රු. 329.50ක් ලෙසයි.

ඩී.එෆ්.සී.සී. (DFCC) බැංකුව රු.318.50 සහ රු. 330.50ක් ලෙස ගැණුම් විකුණුම් මිල දක්වා තිබෙනවා.

එන්.ඩී.බී. (NDB) තම ගැණුම් මිල ලෙස රු. 316.50ක් දක්වන අතරම විකුණුම් මිල ලෙස රු. 329.50ක් දක්වයි.

අමානා බැංකුව රු. 321.75ක් සහ රු.327.75ක් ලෙස ගැණුම් හා විකුණුම් මිල දක්වයි.

ලංකා බැංකුව ගැණුම් මිල දක්වනුයේ රු. 319.50ක් ලෙස වන අතර විකුණුම් මිල රු. 329.80ක් ලෙස දක්වයි. 

ReeCha