විශ්‍රාමික PHIගේ මෝටර් රථය හදිසියේ ගිනිගනී..ගිනි තැබුවාද සැකයක්..

By Piyumika Aug 11, 2024 03:48 AM GMT
Report

බෙලිඅත්ත, කුඩාහීල්ල, ජය මාවතේ විශ්‍රාමික මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට අයත් බව කියන මෝටර් රථයක් අද (11) අළුයම් කාලයේදී ගිනිගෙන විනාශව තිබූ බව බෙලිඅත්ත පොලීසිය වාර්තා කර තිබේ .

නිවසේ ගරාජය තුළ නවතා තිබූ මෝටර් රථය අද අලුයම දෙකට පමණ ගිනි ගෙන ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙනුයේ .

ගනේමුල්ල සංජිව ඔසවාගෙන ගොස් වෙනත් සිරකුටියකට..සිරකුටි මාරු කිරීමට අකමැති වූ ජේලර්ගේ වැඩ තහනම්..

ගනේමුල්ල සංජිව ඔසවාගෙන ගොස් වෙනත් සිරකුටියකට..සිරකුටි මාරු කිරීමට අකමැති වූ ජේලර්ගේ වැඩ තහනම්..

ගින්නෙන් මෝටර් රථයට දැඩි අලාභ හානි සිදුව ඇති අතර, බොහෝ විට මෝටර් රථයට කිසියම් අයකු ගිනි තබන්නට ඇති බවද පොලිසිය සැක පහළ කරයි.

සිද්ධිය සම්බන්ධයෙන් බෙලිඅත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත .