රවි පාර්ලිමේන්තුවට යනවද නැද්ද ..පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හැකි ඉක්මනින් රැස් කරන ලෙස ඉල්ලීමක්..

Report

 2024 පාර්ලිමේන්තු මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් එකක් රවි කරුණානායකගේ නම නම් කිරීම සම්බන්ධකයෙන් එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස් කරන ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කරමින් එම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජික ආචාර්ය ලසන්ත ගුණවර්ධන ඉල්ලා සිටියා.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

එම ලිපිය මගින් දන්වා ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ ලේකම් රවි කරුණානායක විසින් නිසි ක්‍රමවේදයකින් සහ පක්ෂ අනුමැතියකින් තොරව මෙම ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය ලබා ගෙන ඇති බවයි.

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් පණිවිඩයක්

මෙම සිද්ධිය බලවත් ලෙස පක්ෂ ව්‍යාවස්ථාව උල්ලංඝනය කිරීමක් වන හෙයින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කර තීන්දුවක් ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය හැකි ඉක්මනින් රැස් කරන ලෙස ආචාර්ය ලසන්ත ගුණවර්ධන විසින් රනිල් වික්‍රමසිංහ වෙත යොමු කළ ලිපියෙහි වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.