ජපන් ජාතිකයින් වැඩි පිරිසක් නිවෙස්වල ම මිය යන බවට වාර්තාවක්...

United Nations Japan Death
By Parami Dissanayake Aug 30, 2024 05:41 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

2024 වසරේ පළමු භාගය තුළ ජපානයේ 40,000 කට ආසන්න පිරිසක් ඔවුන්ගේ නිවෙස් තුළ පමණක් මිය ගිය බව එරට පොලිසියේ වාර්තාවක් පෙන්වා දී තිබෙනවා.

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ඒ අතරින් පුද්ගලයන් 4,000 කට ආසන්න සංඛ්‍යාවක් මිය ගොස් මාසයකට වැඩි කාලයකට පසුව සොයාගෙන ඇති බවයි.

තවද මළ සිරුරු 130 ක් සොයා ගැනීමට පෙර, ඒවා වසරකට පෙර අතුරුදහන් වූ බව එරට ජාතික පොලිස් ඒජන්සිය ප්‍රකාශ කර තිබෙනවා.

ආරුක්කු 09ට මොකක්ද මේ වෙන්න යන්නේ...?

ආරුක්කු 09ට මොකක්ද මේ වෙන්න යන්නේ...?

මීට හේතුව වී ඇත්තේ, එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව දැනට ලෝකයේ වයස්ගතම ජනගහනය සිටින්නේ ජපානයේ වන අතර, එහි වයස්ගත ජනගහනයෙන් විශාල සංඛ්‍යාවක් තනිවම ජීවත් වන සහ මිය යාමයි.

කෙසේ වෙතත්, රටෙහි වර්ධනය වන ප්‍රශ්නය පිළිබඳව එරට බලධාරීන් දැඩි අවධානය යොමුකරන බව පැහැදිලි ය.