මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...
By Parami Dissanayake
ජනාධිපතිවරණයට අදාළ ව මැතිවරණ කොමිෂන් සභාව වෙත ලැබී ඇති පැමිණිලි තවදුරටත් ඉහළ ගොස් ඇති බව එම කොමිසම පවසනවා.
පසුගිය ජූලි මස 31 වනදා සිට ඊයේ (29) දින දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 1482ක් දක්වා ඉහළ ගොස් ඇති බව එම කොමිෂන් සභාව පැවසුවේ ය.
මුළු පැමිණිලි සංඛ්‍යාවෙන් 1419ක් ම ලැබී ඇත්තේ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙනි.
මීට අමතරව ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධව පැමිණිලි 07ක් ද වෙනත් පැමිණිලි 56ක් ද ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත් සඳහන් කළේ ය.