ආරුක්කු 09ට මොකක්ද මේ වෙන්න යන්නේ...?
By Parami Dissanayake
දෙමෝදර ආරුක්කු නවයේ පාළම ආසන්නයේ චායාරූපයක් දින කිහිපයක් තිස්සේ සමාජ මාධ්‍ය ඔස්සෙ සංසරණය වන අතර, පාලම ආසන්නයේ මෙමෙ පස් කඳු කොටස නායයෑමේ අවධානම් තත්ත්වයක් සහ ලක්ෂණ මතුව ඇති බව ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සඳහන් කර ඇත.
මේ හේතුවෙන් මාර්ගයට සහ පාලමට අවධානම් තත්ත්වයක් ඉදිරියේ දි ඇති වීමට ඉඩ ඇති බවින් එය වැළක්වීම සදහා මෙම ස්ථානයේ මේ දින වල ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වන බව වාර්තා වේ.
මීට වසර කිහිපයකට ඉහතදි ආරුක්කු නවය පාළම අවට ප්‍රදේශයේ කිසිදු ඉදි කීරීමක් නොතිබූ අතර කදු බෑවුමේ ඉහල කොටසේ මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් ඇතිවූ තත්ත්වය මත මේ දේ සිදුව ඇති බව පැහැදිලි ය.
කෙසේ වෙතත්, දේශීය මෙන් ම විදේශීය සංචාරකයන්ගේ විශාල ආකර්ෂණයක් දිනා ගත් මෙම ස්ථානය ආරක්ෂා කර ගැනීම අපගේ වගකීමක් බැවින් එහි සොබා සුන්දරත්වය රැකෙනා පරිදි කටයුතු කිරීම අගනේ ය.
