අපරාධ කරුවන්ට ප්ලාස්ටික් සැත්කම් කර වෙනස් පෙනුමකින් සමාජ ගත කරන ජාවාරමක් ..

By Piyumika Jul 10, 2024 03:30 AM GMT
Report

අපරාධකරුවන්ට අත්අඩංගුවට පත්වීමෙන් වැළකී සිටීමට සහ පලා යෑමට අවශ්‍ය අයුරින් ප්ලාස්ටික් සැත්කම් සිදු කිරීමේ මහා ජාවාරමක් හෙළි කරගැනීමට පිලිපීන පොලිසිය සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

පිලිපීනයේ මැනිලා අගනුවරට දකුණින් පිහිටි තදාසන්න ප්‍රදේශයකදී පොලිසිය විසින් සිදු කරනු ලැබූ වැටලීමකින් එවැනි සැත්කම් සිදු කරන රහසිගත රෝහල් දෙකක් සොයා ගෙන ඇත.

අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

අද ඔබේ ගමන් වලට බාධාවක් වෙන්න පුළුවන් මේ දේ ගැන ඔබ දනුවත්ද?..

හිසකේ සිටුවීමේ උපකරණ, දත් රෝපණය කිරීමේ උපකරණ සහ සම පැහැපත් කිරීමේ උපකරණ ඇතුළු අපරාධකරුවන්ගේ මුහුණුවර මුළුමනින්ම වෙනස් කළ හැකි ප්ලාස්ටික් සැත්කම් සිදු කරන උපකරණ රැසක් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඉදිරි සති කිහිපය තුළ එම රහසිගත රෝහල් වසා දැමීමට පිලිපීන රජය පියවර ගනු ඇතැයි පැවසේ.

එම රෝහලේදී පුද්ගලයකුගේ මුහුණුවර සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමේ හැකියාව ඇති අතර පිලිපීනයේ නමගිය නීතිවිරෝධී අන්තර්ජාල කැසිනෝ අපරාධකරුවන් ඇතුළු විවිධ ජාවාරම්කරුවන් එම රෝහලේ ගනුදෙනුකරුවන් වී ඇති බවට සාක්ෂි ලැබී ඇතැයි ද සංවිධානාත්මක අපරාධ පිළිබඳ ජනාධිපති කොමිසමේ ප්‍රකාශකයක සඳහන් කර තිබේ.

ත්‍රස්තවාදය යුක්ති සහගත බව කියාපෑමට උත්සාහ කළ නාට්‍යවේදිනියන් දෙදෙනෙකුට වැඩ වරදී..

ත්‍රස්තවාදය යුක්ති සහගත බව කියාපෑමට උත්සාහ කළ නාට්‍යවේදිනියන් දෙදෙනෙකුට වැඩ වරදී..

එම රෝහලේ සේවය කළ වියට්නාම වෛද්‍යවරු දෙදෙනකු සහ චින වෛද්‍යවරයකු සමඟ චීන ඖෂධවේදියකු සහ වියට්නාම හෙදියක් අත්අඩංගුවට ගෙන ඇත . මේ කිසිදු පුද්ගලයකුට පිලිපීනයේ රැකියාවේ නිරතවීමට බලපත්‍ර නොතිබූ බව ද වාර්තා වේ.