ගුවන් යානයක් කඩා වැටෙයි - මගීන් 150ක් යානය තුළ.. ගුවන් ගමන් කිහිපයක් ද වහාම අවලංගු කරයි..

By krishani May 08, 2023 08:38 AM GMT
Report

නයිජීරියාවේ අබුජා අගනුවර Nnamdi Azikiwe ජාත්‍යන්තර ගුවන් තොටුපළේ ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් ධාවන පථයට හානි සිදු වී තිබෙනවා.

ඒ හේතුවෙන් ගුවන් ගමන් කිහිපයක් ද අවලංගු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

මැක්ස් එයාර් 737-400 ගුවන් යානය ඊසානදිග ඇඩමාවා ප්‍රාන්තයේ යෝලා සිට පැමිණ අබුජා වෙත ගොඩබස්වන විට යානයේ ටයර් පුපුරා ගොස් ඇත.

එහි සිටි මගීන් 143 දෙනා, ළදරුවෙකු සහ කාර්යය මණ්ඩලයේ හය දෙනාට කිසිදු හානියක් සිදු වී නොමැත.

කෙසේවෙතත්, ආරක්ෂිතව ඔවුන් යානයෙන් ඉවත් කළ බව මැක්ස් එයාර් කළමනාකාරීත්වය සඳහන් කර‍යි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join