මෙරට අපරාද රැසකට සම්බන්ධ ප්‍රභලයෙකුගේ ගෝලයෙකු ඇල්ලූ ප්‍රභල මෙහෙයුම.. සැකකරු හිටපු හමුදා සෙබලෙක්.
2023.08.04 වන දින කඳාන පොලිස් වසමේ සිදුවු වෙඩි තැබීමට ආධාර අනුබලදුන් වැලිඔය ප්‍රියන්තගේ ගෝලයකු හෙරොයින් සමඟ පොලිස් විශේෂ කාර්ය බලකායේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පසුගියදා කදාන පොලිස් වසමේ දෙල්ගොඩ විහාරස්ථානය ඉදිරිපිට මාර්ගයේ දී වැටලීමක් සිදුකර තිබෙනවා.
එහි දී හෙරොයින් ග්‍රෑම් 20 මිලි ග්‍රෑම් 400 ක් යතුරු පැදියක් සහ ජංගම දුරකථනයක් සන්තකයේ තබාගෙන සිටි නිකවැරටිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 33 ක පුද්ගලයකු අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කඳාන පොලිස් ස්ථානය වෙත භාර දී තිබෙනවා.
තවද වැඩිදුරටත් ප්‍රශ්ණ කිරිමේදි මෙම පුද්ගලයා සංවිධානාත්මක අපරාධකරුවෙකු වන ඩුබායි වරුණ යන අයගේ ගෝලයෙකු වන දැනට ඩුබායිහි රැදී සිටින වැලිඔය ප්‍රියන්ත යන අයගේ මෙරට මත්ද්‍රව්‍ය බෙදාහරින ප්‍රධානතම ගෝලයෙකු බවටත් ගජබා රෙජිමේන්තුවේ රාජකාරි කල හිටපු යුධ හමුදා සෙබලෙකු බවටත් අනාවරණය වී තිබෙනවා.
තවද 2023.08.04 වන දින කදාන පොලිස් වසමේ අංක 16/39, ඒ/2, පියුම් මාවත, කදාන ලිපිනියේ පිහිටි නිවසට යතුරු පැදියකින් පැමිණ පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කිරීමට අදාල වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය වෙඩි තැබීමට පෙර රැගෙන ඒම, ගිනි අවිය සගවා තබා ගැනීම, වෙඩික්කරු හට අවිය ලබා දීම, වෙඩික්කරු හා ගිනි අවිය වෙඩි තැබු ස්ථානයට ප්‍රවාහනය කිරීම, වෙඩි තැබීමෙන් පසු ගිනි අවිය සැගවිම, වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරු හට මෙරටින් පිටවීමට අධාර හා අනුබල ලබා දීම, මනුෂ්‍ය ඝාතනයට තැත්කිරීමට අධාර හා අනුබල ලබා දීම සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.
