සිව් දරු පියෙකුට අත් වුනු අවාසනාවන්ත මරණය..
Sri Lanka Police
Jaffna
Sri Lanka
Death
By Piyumika
ඇඳකින් බිමට ඇද වැටී පුද්ගලයෙකු මියයාමේ අවාසනාවන්ත සිදුවීමක් වාර්තා වනවා.
මෙම ඛේදනීය ඉරණම සිදු ව ඇත්තේ; යාපනය කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචි සිව්දරු පියෙක්.
මරණකරු අවන්හලක සේවය කරන අයෙකු බවත්; සිය සේවා කාලය අවසන් ව පැමිණ ඔහු ඇඳෙහි නිදා සිටින අවස්ථාවේ දී ඉන් ඇදවැටී සිහිසුන් ව ඇති බවයි දසත වාර්තාකරු පැවසුවේ.
පසුව ඔහුව වහාම යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ ද, එහිදී ඔහු ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.
පශ්චාත් මරණ පරීක්ෂණය යාපනය ශික්ෂණ රෝහලෙන් සිදු කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් යාපනය පොලිසිය විමර්ශන සිදු කරනවා.