සෙරෙප්පුවක් නිසා වෛද්‍යවරයකුට වූ හදියක්.. (VIDEO)

Gujarat India World Doctors
By Piyumika Sep 19, 2024 02:56 AM GMT
Piyumika

Piyumika

Report

හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කළ රෝගියෙකුගේ පවුලේ ඥාතීන් පිරිසක් විසින් එහි වෛද්‍යවරයාට පහරදීමේ සිදුවීමක් වාර්තා වනවා.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට තර්ජනාත්මක ඇමතුමක් ..

මෙම සිදුවීම වාර්තා වන්නේ ඉන්දියාගේ ගුජරාට් ප්‍රාන්තයෙන්. NDTV පුවත් සේවය වාර්තා කරන්නේ; ගුජරාට් ප්‍රාන්තයේ භව්නගර් හි පිහිටි පෞද්ගලික රෝහලක දී මෙම සිදුවීම සිදු ව ඇති බවයි.

හිසට සිදු වූ තුවාල හේතුවෙන් කාන්තාවක් ඊයේ (18) මෙම රෝහලේ හදිසි ප්‍රතිකාර අංශයට ඇතුළත් කර තිබෙනවා.

ඒ සමග ඇයගේ පවුලේ ඥාතීන් ද හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් වී ඇති බවයි පැවසෙන්නේ.

සෝදිසි වරෙන්තුවකට සම්බාහනයකින් මධ්‍යස්ථානයකට ගිහින් රාජකාරියට අදාළ නොවන වැඩක් කල කොස්තාපල්ට වැඩ වැරදි..

සෝදිසි වරෙන්තුවකට සම්බාහනයකින් මධ්‍යස්ථානයකට ගිහින් රාජකාරියට අදාළ නොවන වැඩක් කල කොස්තාපල්ට වැඩ වැරදි..

එම පිරිස පාවහන් පැළැඳ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුල් වීම හේතුවෙන්; රෝගියාට ප්‍රතිකාර කිරීමට පැමිණි Jaideepsinh Gohil නමැති වෛද්‍යවරයා පවසා ඇත්තේ පාවහන් ගලවා පැමිණෙන ලෙසයි.

එම දැනුම්දීම සිදු කළා යැයි උරණ වීමෙන් පසු රෝගියාගේ පවුලේ උදවිය වෛද්‍යවරයාට පහර දී ඇති බවටයි පැවසෙන්නේ.

අදාළ සිදුවීම එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවක ද සටහන් වී ඇති අතර, පසුව රෝගී වූ කාන්තාව ඇඳෙන් බැස ගැටුම සමථයකට පත් කිරීමට ද උත්සාහ ගන්නා ආකාරය ද දැක්වෙනවා.

බලන්නකෝ පාසලකට කරලා තියන දෙයක්..

බලන්නකෝ පාසලකට කරලා තියන දෙයක්..

ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් තිදෙනා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සිදුවීමත් සමග විත්තිකරු පොලිසියට කළ පැමිණිල්ලක් මත සැකකරුවන් තිදෙනා අත් අඩංගුවට ගෙන ඇති අතර; ගැටුමෙන් හදිසි ප්‍රතිකාර අංශයේ දේපොළවලට ද හානි සිදු ව ඇති බවයි වාර්තා වන්නෙ.