විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් දැනුම් දීමක්.

Sri Lanka Foreign Employment Bureau Israel-Hamas War
By Hashini Oct 19, 2023 02:49 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඊශ්‍රායලයේ සිටින සියලු ශ්‍රී ලාංකිකයන් ආරක්‍ෂිත බව පවසනවා.

තානාපති කාර්යාලය හරහා ඔවුන් පිලිබඳ නිරන්තරයෙන් සොයා බලන බවයි එහි මාධ්‍ය ප්‍රකාශක ගාමිණි සෙනරත් යාපා ඊයේ (18) කොළඹ පැවතී මාධ්‍ය හමුවකට එක් වෙමින් කියා සිටියේ.

ඊශ්‍රායල - පලස්තීන යුද ගැටුම් ආරම්භ වී අදට දින 13ක් ගත වනවා.

මේ අතර ඊශ්‍රායලයේ සංචාරයක නිරත ඇමරිකානු ජනාධිපති හා එරට අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පවත්වන සාකච්ඡාවෙන් පසු ඊජිප්තුව සහ ගාසා තිරය අතර ඇති එකම සැපයුම් මාර්ගය වන රෆා දේශසීමාව විවෘත කිරීමට එකඟ වී තිබෙනවා.

යුද ගැටුම් ආරම්භ වීමත් සමඟ ඊශ්‍රායලය රෆා දේශසීමාව වසා දැමීමට කටයුතු කළා.


ReeCha